දෙගොල්ලන්ගේම බල අරගලය නිසා සම්පූර්ණයෙන්ම රට අස්ථාවර වෙලා

  👤  721 readers have read this article !
By mawbima 2018-12-06

ජයත් ශ්‍රී බණ්ඩාර

රටේ පවතින දේශපාලන අර්බුදයට එරෙහිව 'ජන අණසක' සංවිධානය ඊයේ (5දා) මරදානේ ටෙක්නිකල් මංසන්ධියෙන් පාගමනකින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට ගමන් කර විරෝධතාවක් පැවැත්විය. බහුජන සංවිධාන මෙන්ම වමේ හඬ සංවිධානය ප්‍රමුඛ කර ගනිමින් 'ජන අණසක' සංවිධානය ඒකාබද්ධව පවත්වනු ලැබූ මෙම විරෝධතාවට සහභාගිව සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා මාධ්‍යට අදහස් දක්වමින් 'අද අපි දන්නවා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සම්පූර්ණයෙන්ම රට අස්ථාවර කරලා තියෙන්නේ. ඔක්තෝබර් 26 වැනිදා තමන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතික ලෙස කරන ක්‍රියාකලාපය තුළින් සම්පූර්ණයෙන්ම රට අස්ථාවර කරලා තියෙන්නේ. අද මෛත්‍රිපාල සිරිසේන පෙන්නුම් කරලා තියෙනවා, 1978 මේ ව්‍යවස්ථාවේ ඒකාධිපතිවාදයේ නියම ස්වරූපය. අපි පැහැදිලිවම මෙම ක්‍රියාකලාපයට විරෝධය දක්වනවා.'

'පසුගිය ආණ්ඩුව තුළින් රනිල් වික්‍රමසිංහ අධ්‍යාපනය විකුණවා. රටේ සම්පත් විකුණනවා. සියලු දේවල් විකුණුවා. මෙහෙම වෙලා තියෙන්නේ මේ දෙගොල්ලන්ගේ බල අරගලය නිසා. අද මෛත්‍රිපාල සිරිසේන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන සියල්ල විහිළුවට ලක් කරලා තියෙන්නේ. තවදුරටත් ඔහු උත්සාහ කරන්නේ රට අස්ථාවර කරන්න. ඔය කියන මෛත්‍රිපාල සිරිසේනගේ බයිලා කතා අපි තවදුරටත් පිළිගන්නේ නෑ.'

ජනතාවට අපි ආරාධනා කරනවා නව ව්‍යවස්ථාවකට පෙළ ගැහෙන්න. 1978 ව්‍යවස්ථාවේ අවසානය මෙයයි. ඒක නිසා නව ජනාධිපති ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපි අරගල කරනවා. මෛත්‍රිපාල සිරිසේනට අපි කියනවා මේ විහිළුව නවත්තලා තවදුරටත් පාලන බලයේ ඉන්නෙ නැතිව ලැජ්ජා නැතිව ඉල්ලා අස්වෙන්න කියලා.'
ඡායාරූපය - කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon