ත්‍රිරෝද රථයට ගසක් වැටී හමුදා සෙබළාට තුවාල

  👤  705 readers have read this article !
By mawbima 2018-12-06

මීගහකිවුල - රුවන් කුමාර

අරාව-මහියංගණ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් මතට ඉකුත්දා (3දා) රාත්‍රි 7.30ට පමණ එම මාර්ගයේ අරාව ප්‍රදේශයේදී මාර්ගයට බරවී තිබූ දැවැන්ත ගසක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් දියතලාව යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන හමුදා සෙබළකු තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.

ගසට යටවීමෙන් ත්‍රිරෝද රථයටද දැඩි අලාභහානි සිදුව ඇත. අනතුරට ලක්ව ඇත්තේ මීගහකිවුල, පොල්ගහඅරාව ගම්මානයේ පදිංචි ඩී.එම්.එස්. කුමාර (29) නමැති යුද හමුදා සෙබළෙකි. කඳවුරේ සේවය නිම වී නිවෙස බලා එමින් සිටියදී ඔහු මෙම අනතුරට ලක්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon