පෙත්සම් නීති විරෝධියි විභාග කරන්න ශේ‍ර්ෂ්ඨාධිකරණයට බලයක් නෑ

  👤  2963 readers have read this article !
By mawbima 2018-12-06

කමල් මහේන්ද්‍ර වීරරත්න

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා ගත් පියවරට එරෙහිව ගොනුකර ඇති සියලුම පෙත්සම් නීති විරෝධි හා ව්‍යවස්ථා විරෝධි බැවින් ඒවා විභාග කිරීමට තබා භාරගැනීමටවත් ශේ්‍රෂ්ඨාධිකරණයට බලයක් නැති බැව්ප්‍ රකාශ කළ නීතිපති ජයන්ත ජයසූරිය ඊයේ (5දා) සප්ත පුද්ගල විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ පෙත්සම් සියල්ලම නිශ්ප්‍රභ කරන ලෙසය.

නියමාකාරයෙන් මෙම කරුණ අධිකරණයට ගෙන ආ නොහැකි බව වටහා ගෙන ඇති පෙත්සම්කරුවෝ අධිකරණය නොමඟ යවමින් වෙනත් හොර පාරක් ඔස්සේ එය අධිකරණයට රැගෙනවිත් තම අරමුණු ඉටුකර ගැනීමට කූට ප්‍රයත්නයක යෙදී ඇති බවද නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා එහිදී කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුවට අදාළ මෙම කටයුත්ත සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තිය ප්‍රකාරව කථානායකවරයා හරහා අධිකරණයට ආ යුතු වුවද එයින් ඵලක් නොවන බව දන්නා පෙත්සම්කරුවන් 126 වැනි වගන්තියෙන් රටවැසියාට අධිකරණය හමුවට පැමිණ විධායකයෙන් සිදුවන අකටයුත්තක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ඇති මාර්ගය ඔස්සේ පැමිණ අධිකරණයේ ගරු විනිසුරුතුමන්ලාව නොමඟ යවා තම අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියා කොට ඇති බව ඔහු අවධාරණය කර සිටියේය.
සම්පූර්ණ වාර්තාව 4වැනි පිටුවේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon