අර්බුදය විසඳන්න මැදිහත් වන්න

  👤  2503 readers have read this article !
By mawbima 2018-12-06

මහනුවර - ගයා ශ්‍රී කාරියවසම්

රට තුළ පවතින දේශපාලන අර්බුදය සමථයකට පත් කිරීම ස¼දහා මැදිහත් වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් මහ නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කරති.
පසුගිය 3දා මහනුවරදී මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැදුටු එජාප මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රධාන මන්ත්‍රි පිරිසක් ඉහත සඳහන් ඉල්ලීම කළහ.

අපි පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. ඒත් ඒ අය ඒකාධිපති ලෙස තවමත් එය ගෙන යනවා. ඒ අය ඉල්ලන්නේ මැතිවරණයක්. අපි 2015 වසරේදී වසර පහකට ආණ්ඩුව ගත්තේ. එක පුද්ගලයෙක් අද එය වෙනස් කර තිබෙනවා. දෙවතාවක් පරාජය වූ මහින්ද රාජපක්ෂ මහතා අද අගමැති කර තිබෙනවා. නමුත් බහුතරය අපේ පැත්තේ තිබෙන්නේ.ඒ නිසා අපි ඔබ වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මේ අස්ථාවරභාවය නැති කරන්න කියලා යැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා මල්වතු මහ නාහිමියන් වෙත දැනුම් දුන්නේය.

අද වන විට නීති විරෝධී ආණ්ඩුවක් පවත්වාගෙන යනවා. බහුතරය පෙන්වූ අපි අගමැතිවරයෙක් පත්කර ගත යුතුයි. ඒ සඳහා ඔබ වහන්සේලාගේ මැදිහත්වීම අප බලාපොරොත්තු වෙනවා යැයිද මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා පැවැසීය.

මෙම අවස්ථාවට රංගේ බණ්ඩාර, දයා ගමගේ, තලතා අතුකෝරල, ලකී ජයවර්ධන, චන්ද්‍රාණි බණ්ඩාර, මයන්ත දිසානායක, රංජිත් අලුවිහාරේ ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon