ජනපතිට යෝජනා ඉදිරිපත් කිරීම කල් තබයි

  👤  2482 readers have read this article !
By mawbima 2018-12-06

ජේ.ටී. ද සිල්වා - රුචිර දිලාන් මධුශංඛ

මහින්ද රාජපක්‍ෂ මහතා සහ එම ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංග යෝජනාවක් සම්මත වී ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව...

ගත යුතු ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාට යෝජනා කිරීම සඳහා ඊයේ (05දා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාව වෙනත් දිනයකට කල් තබනු ලැබිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායක කථානායකවරයාගේ අවසරය ඇතිව මෙම යෝජනාව වෙනත් දිනයක ඉදිරිපත් කෙරෙන බව දැනුම් දුන්නේය.

විජේපාල හෙට්ටිආරච්චි, හර්ෂණ රාජකරුණා, මයන්ත දිසානායක, මුජිබර් රහුමන්, අජිත් මාන්නප්පෙරුම, ජයම්පති වික්‍රමරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රිවරුන්ගේ නමින් න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබූ එම යෝජනාව ඊයේ සම්මත කර ගැනීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon