මේ වසරේ විදෙස් ගත වූ ශ්‍රී ලාංකිකයන් 222ක් මරුට

  👤  2529 readers have read this article !
By mawbima 2018-12-06

පහන් විජේසේකර, ශිරාන් රණසිංහ

මෙම වසරේ ගතවූ කාලය ඇතුළත විදේශගතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 222 දෙනකු විවිධ හේතූන් මත මියගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනාවරණය කරයි.

එම අනාවරණයට අනුව මියගිය ශ්‍රමිකයන් අතරින් පනස් දෙනෙක්ම කාන්තාවන්ය.

මියගිය පිරිස අතරින් පුද්ගලයන් 145 දෙනකු ස්වාභාවික හේතූන් මත මියගොස්ඇති අතර කාන්තාවන් 06 දෙනකු හා පිරිමින් 25 දෙනකු සියදිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වේ.

එමෙන්ම මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයන් 21 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මියගිය ශ්‍රමිකයන්ගේ සිරුරු මෙරටට ගෙන්වීම සඳහා මේ වසරේදී රුපියල් මිලියන 07ක් පමණ වැය වී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙයි.
ලාංකික ශ්‍රමිකයන් වැඩි පිරිසක් මියගොස් තිබෙන්නේ සෞදි, කුවේට් සහ කටාර් යන මැද පෙරදිග රටවල සේවයේ නිරතව සිටියදී බවද මෙම කාර්යාංශය අනාවරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon