රටේ ප්‍රජාතන්ත්‍රවාදයට කලින් එජාපයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න මෛත්‍රි-රනිල්ට කියයි

  👤  2461 readers have read this article !
By mawbima 2018-12-06

කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති අවධාරණය කරයි.

අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලු මුදල් නිසි පරිදි වැයකරමින් ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම්ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ ඊයේ (05දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාව ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවයි.

ජනතා සුබසෙත වෙනුවෙන් තම මඟපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාවට නංවා තිබෙන සියලු විශේෂ ව්‍යාපෘති 2019 වසරේදී නව ජවයකින්සහ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයද ඉදිරි වසරේ වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ ස¼දහා දිස්ත්‍රික් මට්ටමින් පත්කර ඇති සම්බන්ධීකරණ නිලධාරීන්ට නිසි ලෙස තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කමද පැහැදිලි කළ බවද පරිසර සංරක්‍ෂණ ජාතික වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිබෙන පැළ සිටුවීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවද විශේෂ අවධානය යොමුකළ ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේ පවතින වැසි සහිත තත්ත්වය ආශීර්වාදයක් කර ගනිමින් එම වැඩසටහන වේගවත් කළ යුතු බවද දැනුම් දී ඇත.

දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක්කෙරුණු අතර උතුර නැඟෙනහිර සංවර්ධනය වෙනුවෙන් පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකාය සිය කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යමින් ඉතා කෙටි කලක් තුළ අත්කරගෙන තිබෙන සුවිශේෂී ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ බවද මාධ්‍ය අංශය සඳහන් කරයි.

පසුගිය වසර තුන හතර තුළ පැහැර හරින ලද උතුර නැඟෙනහිර ජනතාවගේ සංවර්ධන අවශ්‍යතා ඉටු කිරීමට උතුර නැඟෙනහිර සංවර්ධනය වෙනුවෙන් තමා විසින් පත්කරන ලද ජනාධිපති කාර්යසාධක බළකාය යටතේ සුවිශේෂී මෙහෙවරක් ඉටු වෙමින් පවතින බවද සඳහන් කළ ජනාධිපතිවරයා රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳවද අදහස් දක්වමින් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා පක්ෂය තුළ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් නොමැති බවද කීය.

වසර 25ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ මහතා එහි පසුපෙළ කිසිවකුට හිස එසවීමට ඉඩ නොදෙන අතර රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන බවද පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගත යුතු බවද ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon