ගුවන්විදුලි සංස්ථා සභාපති හා ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැඳවයි

  👤  2542 readers have read this article !
By mawbima 2018-12-06

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

මැති සභා රැස්වීම් විකාශය නොකරමින් රාජ්‍ය මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කරමින් සිටින බවට එජාප මන්ත්‍රිවරුන් කථානායකවරයාට ඊයේ (5දා) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් කිහිපදෙනකු කැඳවා ඒ පිළිබඳව කරුණු විමසා ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ සභා වාරයන් සජීවීව විකාශය කිරීමේ වගකීම දරන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් කථානායකවරයා කරුණු විමසා තිබේ.

පවතින අර්බුදකාරී දේශපාලන වාතාවරණය තුළ පූර්ණ ස්වාධීනත්වයෙන් සහ වගකීමෙන් යුක්තව කටයුතු කිරීමේ ඇති අවශ්‍යතාව පිළිබඳව මෙහිදී කථානායකවරයා අදහස් දක්වා ඇත.

කථානායකවරයා මෙම හමුවේදී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ස්වාධීන රූපවාහිනි ආයතනය, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම යන රාජ්‍ය මාධ්‍ය ආයතනයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පාර්ලිමේන්තුවේ දැඩි අවධානය යොමුව ඇති බව පැවැසී යැයි කථානායක මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය.

කථානායකවරයා පෙන්වාදුන් කරුණු කෙරෙහි වහාම අවධානය යොමු කර රාජ්‍ය මාධ්‍ය ආයතන වෙත අදාළ උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරන බවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කථානායකවරයාට මෙහිදී ප්‍රකාශ කළ බවද එම නිවේදනයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon