කරාපිටියේ ‍ෙදාස්තරලා ආයෙත් ගුටි කෙළ ගනිති

  👤  2468 readers have read this article !
By mawbima 2018-12-06

ඉමදුව - ටී. විතානවසම්

ගාල්ල, කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකු අතින් පයින් කළ පහරදී ගැනීමකින් සහ පොරකෑමක් නිසා එක් අයකු ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇති බව ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි. ඊයේ (5දා) දහවල් මේ ගැටුම සිදුව තිබෙන්නේ රෝහලේ වාහන ගාල් කරන ස්ථානයක් අසලදීය.

මෙම අරගලය සිදුවීමට මුහුණ දී ඇත්තේ ක්‍රිෂාන්ත පෙරේරා හා තේජා ජයසේකර යන වෛද්‍යවරුන් දෙදෙනාය. ගැටුමෙන් තුවාල ලැබූ බව කියන තේජා ජයසේකර නමැති වෛද්‍යවරයා හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කර ඇත. පහර දී ඇති බව කියන්නේ ක්‍රිෂාන්ත පෙරේරා නමැති වෛද්‍යවරයෙකි.

මෙම පහර දීමට හේතුව කරාපිටිය රෝහලේ රථ ගාලේ වාහන නැවැත්වීමේ ප්‍රශ්නයක් බව කියති.

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් හා විශේෂඥ වෛද්‍යවරුන් අතර දැනට මාස කීපයක සිටම මෙසේ මෙම රථ ගාල මුල් කරගෙන ගැටුම් කීපයක් හටගෙන තිබූ අතර පසුගියදා සිදුවූ සාකච්ඡා කිහිපයකින් පසුව එම තත්ත්වය යම් ආකාරයකට විසඳී තිබිණි.

ගාල්ල කරාපිටිය රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතාගෙන් මේ ගැන විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.

තේජා ජයසේකර වෛද්‍යවරයා රෝහලේ කටයුත්තක් සඳහා පැමිණෙන විට ක්‍රිෂාන්ත පෙරේරා වෛද්‍යවරයා ඔහුව වාහනයට හප්පන්න උත්සාහ කරලා තියෙනවා. පස්සේ ගැටුමක් ඇති වෙලා තියෙනවා. එහිදී ක්‍රිෂාන්ත පෙරේරා මහතා තේජා ජයසේකර වෛද්‍යවරයාට පහර දී තියෙනවා ඔහු මේ වන විට රෝහල් ගත වී සිටිනවා. අපි මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කරලා තියෙන්නේ. අපි හිතනවා මේ සම්බන්ධයෙන් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා. එහෙම නැති වුණොත් 6දාට අපිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවෙන්න පුළුවන්.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon