අතුරු තහනමට ලක් වූ කරුණක් විවාදයට ගන්න බෑ ආණ්ඩු පක්ෂය කථානායකට ලියයි

  👤  2433 readers have read this article !
By mawbima 2018-12-06

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අත්හිටුවමින් ශේ‍ර්ෂ්ඨාධිකරණය අතුරු තහනමක් පනවා තිබෙන අවස්ථාවක පාර්ලිමේන්තුව රැස්කර, නඩු විභාගයට ලක්වී තිබෙන කාරණයක් පාර්ලිමේන්තුවේ විවාද කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම විසින් කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් භාරදී ඇත. ආණ්ඩුවේ පක්ෂ නායකයන් ඇතුළු ජනතා නියෝජිතයන් 14 දෙනකුගේ අස්සනින් යුත් මෙම ලිපිය ඊයේ (05දා) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් විසින් කථානායක කරු ජයසූරිය මහතා වෙත භාර දුන් බව, පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයේ එකඟතාවකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව හා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය වන ආකාරයෙන් පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය සකසා ඇති නිසා, නීති විරෝධි ආකාරයෙන් කැඳවා තිබෙන පාර්ලිමේන්තු රැස්වීමට ඊයේ (05දා) ආණ්ඩු පක්ෂය සහභාගි නොවන බව, එම ලිපිය මඟින් කථානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බවද දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon