කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට කඳුරට කුඩ වෙතින් සෙවණක්

  👤  2395 readers have read this article !
By mawbima 2018-12-06

විචිත්‍ර වීරසිංහ

වසර 119කට වැඩි දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියන කොළඹ සිංහල ක්‍රීඩා සමාජයට නැවත වරක් අනුග්‍රහය දැක්වීමට කඳුරට කුඩ සමාගම ඉදිරිපත්ව සිටී.
ඒ අනුව මින් ඉදිරියට සිංහල ක්‍රීඩා සමාජයේ (එස්.එස්.සී.) ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ක්‍රීඩාංගණයේදීත්, ඉන් පිටතදීත් පැවැත්වෙන තරගවලට භාවිත කරන ඇඳුම් සහ මේස් සඳහා නිල අනුග්‍රාහකයා බවට පත්ව සිටින්නේ කඳුරට කුඩ සමාගමයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් කිහිපයක් සඳහා මේ වනවිට නොයෙකුත් ආකාරයෙන් අනුග්‍රාහකත්වය සපයමින් සිටින කඳුරට කුඩ සමාගම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට විශේෂිත ක්‍රීඩා මේස් සපයමින් දායකත්වය සපයා තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් එස්.එස්.සී. ක්‍රීඩා සමාජයට අනුග්‍රාහකත්වය සැපයීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩා සමාජ පරිශ්‍රයේදී පැවැති අතර ඒ සඳහා කඳුරට කුඩ සමාගමේ සභාපති එම්.ටී.එම්. නවුෂාඩ්, කළමනාකාර අධ්‍යක්‍ෂ එම්.ටී.එම්. නවුෆාල්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවිකරණ) එම්. රීෂා තහීර්, එස්.එස්.සී. ක්‍රීඩා සමාජ ක්‍රිකට් කමිටුවේ සභාපති සමන්ත ‍ෙදාඩන්වෙල යන මහත්වරුන් මෙන්ම එම ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තිළිණ කණ්ඩම්බි හා නායක ධම්මික ප්‍රසාද් එක්ව සිටියහ.
ඡායාරූපය - ජේ.වීරසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon