මහනුවර හා හැව්ලොක්ස් අපරාජිතයි

  👤  2400 readers have read this article !
By mawbima 2018-12-06

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය අවසන් වනවිටත් පෙරමුණේ පසුවීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව සිටින්නේ තවදුරටත් අපරාජිත බව ආරක්‍ෂා කරගනිමිනි. ඒ අනුව පසුගිය සතියේ පැවැති තරගවලදී හැව්ලොක්ස්, නාවික හමුදා, යුද හමුදා සහ මහනුවර යන ක්‍රීඩා සමාජ කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කළේය.
ඒ අනුව මේ වනවිට තරග 4කට සහභාගි වී සියලුම තරග දිනා මුළු ලකුණු 24ක් ලබා ඇති මහනුවර ක්‍රීඩා සමාජය ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇති අතර, තරග 4කට සහභාගි වී එම තරග සියල්ලම දිනා ඇති හැව්ලොක්ස් කණ්ඩායමද මුළු ලකුණු 22ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැනට පත්ව තිබේ

තරග 4කට සහභාගි වී තරග තුනක් ජයගෙන එක් තරගයක් පරාජය වී මුළු ලකුණු 16ක් ලබා සිටින සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම තෙවැනි තැනත්, තරග 4කට සහභාගි වී තරග දෙකක් ජයගෙන තරග දෙකක් පරාජය වී මුළු ලකුණු 13ක් ලබා සිටින නාවික හමුදා කණ්ඩායම සිවුවැනි තැනටත් පත්ව සිටී.

මේ අතර තරග 4කට සහභාගි වී තරග දෙකක් ජයගෙන තරග 2ක් පරාජය වී මුළු ලකුණු 11ක් ලබා සිටින යුද හමුදා කණ්ඩායම 5වැනි තැනත්, තරග 4කට සහභාගි වී එක් තරගයක් ජයගෙන තරග තුනක් පරාජය වී මුළු ලකුණු 9ක් ලබා සිටින සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම හයවැනි තැනත්, තරග 4කට සහභාගි වී සියලුම තරග පරාජය වී සිටින පොලිසිය හා ගුවන් හමුදා කණ්ඩායම් පිළිවෙළින් හත්වැනි හා අටවැනි ස්ථානවලට පත්ව ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon