පොදු එකඟතාවයකට පැමිණිය යුතුයි

  👤  2441 readers have read this article !
By mawbima 2018-12-06

හැත්තෑ අටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායකය මුල්තැන ගන්නා නිසා අද රට පත්ව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර විස¼දා ගත යුතු බවත් ජනාධිපතිවරයා අතින් යම් උෟනතාවක් ඇති වී ඇත්නම් එතුමා එය පිළිගත යුතු බවත් මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි නියංගොඩ විජිතසිරි හිමියෝ පැවැසූහ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් පිරිසක් 03 වැනිදා අනු නාහිමියන් බැහැදැක රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මැදිහත් වන්නැයි ඉල්ලීමක් කළේය.
එහිදී මන්ත්‍රිවරුන් අනු නාහිමියන් හමුවේ මෙසේ පැවැසීය. 

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා,
අද අප රටේ බොහොම අර්බුදකාරී තත්ත්වයක් පවතිනවා. රට දැන් අරාජික වෙලා තිබෙන්නේ. අගමැතිවරයා පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථාවට පටහැනියි. පාර්ලිමේන්තුවට බහුතරයක් පෙන්වන විට පාර්ලිමේන්තුවේ හැසිරුණු ආකාරය රටේ සියලු දෙනාම දුටුවා. බහුතරයක් නැති සුළුතරයක් ඇති අයකුට අගමැතිකම දුන්නා.

මල්වතු අනු නාහිමි,
එතැනින් තමයි ගැටුම ඇති වුණේ.

මන්ත්‍රිවරයා,
පාර්ලිමේන්තුව විසුරුවන්න ජනාධිපතිවරයාට බලයක් නැහැ. ඒ නිසයි ශේ්‍රෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් ලබා දුන්නේ.

අනුනාහිමි,
දැන් මෙතන පොදු සම්මතයකට එන්නේ නැති එකයි ගැටලුවකට තිබෙන්නේ. පොදු වශයෙන් එකඟතාවකට එනවා නම් මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්.

මන්ත්‍රිවරයා,
අපට වසර පහකට ජනතාව බලය දුන්නේ. නමුත් එය විසුරුවා හැර බහුතරයක් නැති, දෙවතාවක් පැරදුණු මහින්ද රාජපක්ෂ මහතාට බලය දෙන්න ජනාධිපතිවරයාට අයිතියක් නැහැ, මහින්ද රාජපක්ෂ මහතාට බහුතරය ඇත්නම් අපි ආණ්ඩුව ලබාදී යන්න සූදානම්.

පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා,
අප ඔබ වහන්සේලාගෙන් ඉල්ලන්නේ ව්‍යවස්ථානුකූලව රටේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න අනුශාසනා කරන්න කියලයි.

අනු නාහිමියන්,
අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවද?

තලතා අතුකෝරල මහත්මිය,
එකපාරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න බැහැ නායක හාමුදුරුවනේ.

අනු නාහිමියන්,
මේ ශ්‍රී ලංකා ඔරුමිත්තනාඩු කියන ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද උන්වහන්සේ ඒ පිළිබඳව පළකර ඇති මුද්‍රිත පොතක් පෙන්වූහ.

තලතා අතුකෝරල මන්ත්‍රිවරිය,
මේක තමයි අලුතෙන් ගහන මඩ පහර අපේ හාමුදුරුවනේ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න දෙමළ සන්ධානයට විශාල බලපෑමක් කරන්න නාමල් රාජපක්ෂ මහතා හතර වතාවක් ගිහින් ඒ අයට පොදු සමාවක් දෙනවා කියා සාකච්ඡා කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට වීරවංශලා, ගම්මන්පිලලා කොටි ලේබල් එක අලවනවා. නමුත් අප හොඳ බෞද්ධයන්. අප බෞද්ධකම විකුණාගෙන කන්නේ නැහැ. 2005දී ප්‍රභාකරන්ට කවුද සල්ලි දුන්නේ. ඒවා අපි නොදන්වා නොවෙයි. ඒවා සම්බන්යෙන් නඩු කටයුතු තියනවනේ.

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා,
මෙහෙම කිසිදු දෙයක් නැහැ. එය බොරුවක්
පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා,
මේක පිටුපස ඉන්නේ මනෝහර ද සිල්වා වගේ අයයි.

අනු නාහිමියන්,
මම අහන්නේ මෙහෙම දෙයක් සිදුවනවද කියන එකයි.

මන්ත්‍රිවරු,
නෑ නෑ හාමුදුරුවනේ මෙහෙම දෙයක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මේ පොත සම්පූර්ණ අසත්‍යයක්.

මයන්ත දිසානායක මන්ත්‍රිවරයා,
අපේ පියා එල්.ටී.ටී.ඊ. එකෙන් මැරුම් කෑවේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ මෙවන් දෙයක් සිදු වන්නේ නම් අප එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ නැහැ. මේක සම්පූර්ණ අසත්‍යයක් අපේ හාමුදුරුවනේ.

පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා,
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයායි. එතුමාට හොරෙන් කිසිදු කැබිනට් පත්‍රිකාවක් දාන්න පුළුවන්ද. එතුමාගේ අනුමැතිය නැතිව කැබිනට් මණ්ඩලයේ මේවා සම්මත වනවද, මේවා පට්ටපල් බොරු හාමුදුරුවනේ.

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා,
ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය අප බොහොම ස්වාධීනව අපක්ෂපාතීව සිදුකළා. හඬ පට 123 නේම කොහෙවත් සඳහන් වී නැහැ ජනාධිපතිවරයා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමක් ගැන. එය මම බොහොම වගකීමෙන් කියනවා. ඉස්සර වෙලා කිව්වා මහින්ද රාජපක්ෂ මහතා එයාව මරන්න කුමන්ත්‍රණයක් කරනවා කියලා. දැන් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කුමන්ත්‍රණය කරනවා කියලා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon