අධිකරණය ප්‍රමාදයකින් තොරව තීන්දුවක් දුන්නා නම් ප්‍රශ්නය අවුල් වෙන්නේ නෑ

  👤  2604 readers have read this article !
By mawbima 2018-12-06

ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැතිව වෙන වෙන අය යෝජනා කිරීමෙන් පෙනී යන්නේ නොකෙරෙන දේවල් යෝජනා කිරීමක් බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවැසූහ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ඉකුත් දා (03දා) අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියන් බැහැදැක රටේ පවතින අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කිරීමට මහ නාහිමිවරුන්ගේ මැදිහත්වීම ඉල්ලා සිටියහ.

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියෝ මෙසේද කීහ.

අපට නම් පේන්නේ 19 වැනි ව්‍යවස්ථාව සංශෝධන තුළ හිඩැස් තිබෙන බවයි. ව්‍යවස්ථාව තම තමන්ට අවශ්‍ය ආකාරයට දෙපාර්ශ්වයම අර්ථකථනය කරනවා. ආණ්ඩු විසුරුවා හැරීමට පුළුවන් කියනවා මෙන්ම බැහැ කියන පැත්තටත් කරුණු කියනවා. එක එක වගන්ති අරගෙන යම් යම් දේ කියන නිසා මෙය ව්‍යවස්ථා අවුලක් බවයි අපට පේන්නෙ. මෙහෙම ඉදිරියට ගියොත් ඉදිරියේදී තවත් අයෙක් මෙය ඒ ආකාරයටම කරන්න පුළුවන්. මෙය අප නිරවුල් කරගත යුතුයි. වරින් වර දුන් නඩු තීන්දුත් මේ සඳහා බලපානවා. අධිකරණය ප්‍රමාදයකින් තොරව යම් තීන්දුවක් දුන්නා නම්, මෙතරම් කලබැගෑනියක් වෙන්නේ නැහැ.

දේශපාලනඥයන් මොන දේ කළත් එය අවසානයේ බලපාන්නේ මේ රටේ මහජනතාවටයි. ඒ නිසා මෙයට කඩිනමින් විසඳුමක් ලබාගත යුතුයි. අපට පේන්නේ මේ දෙපාර්ශ්වයම පරාජය භාරගන්න සූදානමක් නැහැ වගේ. දෙපාර්ශ්වයම තමන් හරි කියන මතයේ ඉන්න බව පේනවා. නමුත් අධිකරණයේ තීන්දුව එන්නේ විසුරුවා හැරීම හරිද වැරැදිද කියන එකයි. මෙය කඩිමුඩියේ ගත් තීරණයක් නිසාත් දෙපාර්ශ්වයෙන්ම කියන කරුණු නිසාත් මෙහි යම් හිඩැස් තිබෙන බව පේනවා. මෙය සාකච්ඡා කර කල්පනාකාරීව ගන්න තිබුණු තීරණයක්.

එදා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් හැසිරුණු ආකාරය ඉතාම පහත් බව කිව යුතුයි. නඩු තීන්දුව ලැබුණත් ආයෙත් එම තනතුරු අතහැර යන පාටක් පේන්න නැහැ. එහෙම වුණොත් දිගින් දිගටම අය - වැය පරාජය වේවි. කාරක සභා පත්කර ගන්න බැරිවේවි. ඒ නිසා මෙය කඩිනමින් සමථයකට පත්කර නොගතහොත් රටට සුබදායීි තත්ත්වයක් උදාවන පාටක් පේන්න නැතැයිද උන්වහන්සේ කීහ.

මෙහිදී අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මන්ත්‍රිවරයා,
මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන විට අප සියලු දෙනා විරුද්ධ වුණා. මම පෞද්ගලිකවම එයට විරුද්ධ වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කියන දේට අප එදා ඇහුම්කන් දුන්නා.

දයා ගමගේ මන්ත්‍රිවරයා,
පාර්ලිමේන්තුවෙ ප්‍රශ්නය විස¼දාගත යුත්තේ පාර්ලිමේන්තුව තුළයි. පාර්ලිමේන්තුවේ ඇති ස්වාධීනත්වය නැති කරගන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න උදවියමයි. අපි පාර්ලිමේන්තුවේ බහුතරය පස්වතාවක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ තීරණයක් ගන්න පුළුවන්. 19 වැනි සංශෝධනයත් සමඟ අගමැතිවරයා පත්කළ පසු අගමැතිවරයා ඉවත් කරන්න ජනාධිපතිවරයාට බලයක් නැහැ.

රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිවරයා
ඉතා පහත් ආකාරයට එදා පාර්ලිමේන්තුවේ මේ අය හැසිරුණේ. මේ අවුල ඇති කළේ ජනාධිපතිවරයායි. නමුත් ව්‍යවස්ථාවට අනුකූලව තීන්දුවක් ලැබෙයි කියා අප විශ්වාස කරනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට අපේ පක්ෂ හසුරුවන්න බැහැ. අප මේ පිළිබඳව ඔබ වහන්සේලාගේ මැදිහත්වීම බලාපොරොත්තු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන්නැයි ඔවුන්ට උපදෙස් දෙන්න.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon