මවට පහර දුන්නාට පුතා පොරොවෙන් ගසා පියා ඝාතනය කරලා

  👤  2500 readers have read this article !
By mawbima 2018-12-06

පයාගල - සුජිත් මාරියෝ

මවට පහර දුන් පියාට පොරොවකින් පහර දී ඝාතනය කළ පුතකු තම මව සමඟ විත් ඊයේ (05දා) උදේ ‍ෙදාඩම්ගොඩ පොලිසියට භාර වී ඇත.
මෙම සැකකාර 24 හැවිරිදි පුත්‍රයා මීට මසකට පෙර විවාහ වී වෙනත් නිවෙසක පදිංචි වී සිටි අයෙකි.

ඊයේ (05දා) උදේ 5.45ට පමණ වූ මෙම සිද්ධියෙන් මිය ගියේ බෝම්බුවල, බුළුගහගොඩ පදිංචිව සිටි කොටගේ ජයන්ත නම් වූ 49 හැවිරිදි අයෙකි. බීමත්ව සිටින පියා තම මවට පහර දී බෙල්ල කැපීමට උත්සාහ කරන බවට තම සොහොයුරියගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව නිවෙසට ගිය සැකකාර පුතා පියා අත වූ පොරොව උදුරාගෙන ඔහුගේ හිසට පහර දී ඇතැයි පොලිසිය කියයි.

පුතා නිවෙසට ගිය විට පියා ඔහුට පොරොවෙන් පහරදීමට උත්සාහ කර ඇති බවත් ඊට පෙර පොරොව උදුරා ගත් පුතා පියාට පහර දී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එම අවස්ථාවේ පුතා එම ස්ථානයට නොගියේ නම් පියා මව හා සොහොයුරිය ඝාතනය කරන්නට පවා ඉඩ තිබූ බව ද පොලිසිය කියයි.

මීට පෙර බීමත්ව මන්නයකින් පහරදී තම දියණියට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්මියගිය අයට එරෙහිව කළුතර අධිකරණයේ නඩුවක් විභාග වන බව ද පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස් මත ‍ෙදාඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සම්පත් බණ්ඩාර, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ක්‍රිෂාන්ත, උප පොලිස්

පරීක්‍ෂක මහින්ද, පොලිස් කොස්තාපල්වරුන් වන සුරංග (36953), රාජපක්‍ෂ (991333) සහ ප්‍රියශාන්ත (91332) යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon