හෙරොයින් සමඟ කතක් හා ඇගේ දියණියන් අත්අඩංගුවට

  👤  2449 readers have read this article !
By mawbima 2018-12-06

කුරුණෑගල - ජයන්ත දිසානායක

පෙරේදා (04දා) උදෑසන කුරුණෑගල නගරයේදී හෙරොයින් ග්‍රෑම් 05ක් සමඟ කාන්තාවක් සහ ඇගේ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටිරෝන් වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් දිසා දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.

කාලයක් තිස්සේ පවත්වාගෙන ආ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම හෙළිදරව් වී ඇත්තේ ඊයේ උදෑසන කුරුණෑගල වැව රවුම, මැදලන්දවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය භාවිත කරන තරුණයන් දෙදෙනකුගෙන් ලද තොරතුරු අනුවය. මත්කුඩු මිලිග්‍රෑම් 10ක්ද සමඟ එම තරුණයන් දෙදෙනාද පොලිසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් කාන්තාව කොළඹ, සේදවත්ත ප්‍රදේශයේ සිට මෙලෙස ලංකාවේ විවිධ පළාත්වලට සියදරුවන් ප්‍රයෝජනයට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය පිටුදැකීමේ වැඩසටහන යටතේ කුරුණෑගල දිසාවේ දුරකථන අංකයක් හඳුන්වා දී ඇත. 0713303784 මෙම දුරකථන අංකයට ලද තොරතුරක් අනුව අවුරුදු 40ක් පමණ වන මෙම කාන්තාව සහ අවුරුදු 18ක් සහ අවුරුදු 05ක් වන දියණියන් දෙදෙනාද මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි

පොලිස් පරීක්ෂක ටිරෝන් වෙල්ගම මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් දිසානායක (59401), පොලිස් සැරයන් බණ්ඩාර (58677), පොලිස් කොස්තාපල් සමරසිංහ (49064), පොලිස් කොස්තාපල් ප්‍රසන්න (63611), කාන්තා පො.සැ. දීපානි (5985), කාන්තා පො.සැ. සරෝජනී (1629), කාන්තා පො.සැ. ඉරෝෂි (5066), පොලිස් කොස්තාපල් රියැදුරු දසනායක (89700), පොලිස් කොස්තාපල් රියැදුරු චතුරංග (14988) යන කණ්ඩායම වැටලීමට සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon