මෙරට ආබාධිතයන් ලක්ෂ 17න් 57% ක් කාන්තාවන්

  👤  2398 readers have read this article !
By mawbima 2018-12-06

අහුන්ගල්ල - ඒ. සිවනෙත්ති

ශ්‍රී ලංකාවේ ආබාධිත ප්‍රජාව ලක්ෂ 17ක් සිටින අතර එයින් 57%ක් කාන්තාවන් බවත් විවිධ හිංසාවන්ට අපචාරවලට දූෂණවලට ලක්ව ඇති මේ අය ගැන කිසිවකු සොයා බලන්නේ නැති බවත් ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රසංජලී පතිරගේ මහත්මිය කොළඹ පදනම් ආයතනයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවාය.

ඇය තවදුරටත් මෙසේ කියන්නීය.
'ශාරීරික ආබාධිත අයට තිබෙන ගැටලුව තමයි ප්‍රවේශ පහසුකම් නැති එක. ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දී තිබුණත් අද වනතුරු ක්‍රියාත්මක වන්නේ නෑ. ප්‍රවේශ පහසුකම් නැති නිසා ආබාධිත ළමයින්ට පාසල්වලටවත් යන්න බැරිවී තිබෙනවා. පාසල් ඇතුළෙවත් පහසුකම් නෑ. ආබාධිත අයට එක කෝච්චි පෙට්ටියක් වෙන්කර නෑ. බස් එකක්වත් නෑ. අධ්‍යාපනයට පිවිසෙන්න පහසුකම් නැති නිසා බොහෝ ආබාධිත කාන්තාවන් ගෙවල් ඇතුළේ යැපෙන්නන් බවට පත්වෙලා.

කිසිම රජයක් ආබාධිත අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉ¼දලා නෑ. ඒ නිසා ආබාධිත කාන්තාවන් විවිධ හිංසනයන්ට, අපචාර, වලට දූෂණවලට ලක්වෙනවා.නොයෙකුත් කාන්තා සංවිධාන තිබුණත් අපි ගැන සොයා බලන්නේ නෑ. නීතිය ඉදිරියට යන්නෙත් නෑ. හැම තැනම ආබාධිත කාන්තාවන් පීඩිත තත්ත්වයට පත්වෙනවා.

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ සභාපති සුදත් වසන්ත ද සිල්වා මහතා මෙසේ කීය. අපි ආබාධිත මිනිස්සු. ආබාධිත බව සිය කැමැත්තෙන් ඉල්ලගෙන නෑ. මනුෂ්‍යයන් හැටියට අපේ අවශ්‍යතාවන් සහ වුවමනාවන් සමානයි. ආබාධිතයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින ලෙස රජය ඇතුළු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙහිදී ඒකාබද්ධ පෙරමුණේ අනුශාසක ප්‍රසන්න කුරුප්පු මහතා ඇතුළු කිහිප දෙනෙක්ද කතා කළහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon