ලොකු ලූනු බීජ අලෙවි කළ ගොවීන්ට පසුගිය රජයෙන් පොල්ලක්

  👤  2411 readers have read this article !
By mawbima 2018-12-06

අනුරාධා හේරත්

ලොකු ලූනු බීජ අලෙවි කළ ගොවීන් විශාල පිරිසකට ලැබිය යුතු මුදල්වලට පසුගිය ආණ්ඩුවෙන් පොල්ලක් තබා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න හෙළි කළේය.

කරුණාරත්න මහතා "මව්බිම"ට ප්‍රකාශ කළේ රුපියල් 9000ට අලෙවි වන ලොකු ලූනු බීජ මිලට ගැනීමේදී රජයෙන් රුපියල් 4500ක් ලබා දෙන බවට පොරොන්දු වුවද මාස 6ක් ගත වන තුරු ගොවීන් විශාල පිරිසකට ආණ්ඩුවෙන් මුදල් ගෙවා නොමැති බවය.

ඒ අනුව මධ්‍යම පළාතේ ශූර ගොවියා ලෙස තේරී පත්වූ ගොවියා විකුණූ ලූනු බීජ කිලෝ 405න් මුදල් ලැබී ඇත්තේ කිලෝ 15කටත් බීජ කිලෝ 140ක් විකුණ­ූ තවත් ගොවියකුට මුදල් ලැබී ඇත්තේ කිලෝ තුනහමාරකටත් තවත් බීජ කිලෝ 92ක් අලෙවි කළ අයකුට ලැබී ඇත්තේ කිලෝ එකකටත්, විශේෂයෙන්ම ආබාධිත ගොවියකු අලෙවි කළ බීජ කිලෝ 13කට කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් පෙන්වා දෙන ඒ මහතා පැවැසුවේ මෙසේ මුදල් නොලැබී අසාධාරණයට ලක්වූ තවත් ගොවීන් විශාල පිරිසක් සිටින බවත්ය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ රජයෙන් ගොවියාට ලැබිය යුතු අදාළ චෙක්පත් සෘජුවම බීජ අලෙවි කළ ගොවියා අතට පත් නොවී බීජ මිලට ගන්නා ගොවි මහත්වරුන් අතට පත් වීමද තවත් ප්‍රබල ගැටලුවකට මුලපුරා ඇති බවය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon