එජාපය ළඟදීම ගාල්ල නගර සභාවේ බලය අල්ලනවා

  👤  2388 readers have read this article !
By mawbima 2018-12-05

රත්ගම _ ගුණපාල ඉරත්නවල්ලි

තව සතියක් ඇතුළත පොදු පෙරමුණේ නගරාධිපතිවරයෙක් සිටින ගාල්ල නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ නගරාධිපතිවරයකු පත්කර නගර සභා බලය එක්සත් ජාතික පක්ෂය සතු කර ගන්නවා යැයි හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවැසීය.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවැසුවේ තම නිවෙසේ පවත්වනු ලැබූ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමිනි. අමාත්‍යවරයා මෙසේද කීය. එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවිය යුතුව තිබූ ගාල්ල නගර සභාව අපේ පක්ෂයේ මන්ත්‍රිවරු 7 දෙනකුගේ උදවු අරගෙන නගරාධිපතිවරයා ලෙස කටයුතු කළා. අද ඒ මන්ත්‍රිවරු 7 දෙනා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුත් අපි සමඟ එකතු වී සිටිනවා.

අද මෙම සමුළුවේ පිළිගැනීම සිදු කළේත් ගාල්ල නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆවුසුල් නියාස් මහතායි. අද නගර සභා සියලු මන්ත්‍රිවරුන් අපිත් සමඟ අත්වැල් බැඳ ගෙන කටයුතු කරන නිසා ඉදිරියේ ගාල්ල නගර සභාව එජා පක්ෂයේ නගර සභාවක් බවට පත්කර ගැනීම ගැටලුවක් නොවේ යැයි අමාත්‍යවරයා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon