රාජ්‍ය සංගීත ශිල්පියකුගෙන් සංස්කෘතික අධ්‍යක්ෂවරියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්

  👤  2365 readers have read this article !
By mawbima 2018-12-05

චාමර අමරසූරිය

අසත්‍ය චෝදනා එල්ල කරමින් රාජකාරි තහනම් කරන ලද සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය සංගීත ශිල්පියකු නැවත එම සේවයේ පිහිටුවන ලෙසට රජයේ ඔම්බුඩ්ස්මන්වරයා ලබා දුන් නිර්දේශය සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය ක්‍රියාත්මක කොට නොමැති බවට වාර්තා වේ.

තමාට සිදුවූ අසාධාරණ සම්බන්ධයෙන් රාජ්‍ය සංගීත ශිල්පී කඩිගමුවගේ දුමිඳු කල්යන් විසින් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්වරයා) වෙත පැමිණිලි කොට ඇත්තේ ඉකුත් 2017 වසරේ මාර්තු මස 09 වැනි දිනය. එසේම ඊට අදාළ නිර්දේශය ඔම්බුඩ්ස්මන්වරයා විසින් සංස්කෘතික අධ්‍යක්ෂවරිය වෙත නිකුත් කර ඇත්තේද 2017 වසරේ සැප්තැම්බර් මස 18 වැනි දිනය.

නමුත් සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරිය විසින් ඔම්බුඩ්ස්මන්වරයාගේද නිර්දේශය සැලකිල්ලට නොගෙන රාජ්‍ය සංගීත ශිල්පියාව මෙතෙක් සේවයේ පිහිටුවීමට කටයුතු යොදා නොමැත.

තමාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය සංගීත ශිල්පියා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂවරියට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක්ද පවරා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon