ආණ්ඩුවට එරෙහිව අධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තු ක්‍රියාදාමය අනුමත කිරීමක්

  👤  2336 readers have read this article !
By mawbima 2018-12-05

වත්මන් ආණ්ඩුවට එරෙහිව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව පාර්ලිමේන්තුවේ ක්‍රියාදාමය අනුමත කර ඇති බව පැහැදිලි වන බව කථානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පාර්ලිමේන්තුව තුළ මුල සිටම දැරූ මතය අධිකරණය මඟින්ද තහවුරු කිරීම ඔවුන්ට ධෛර්යයක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ වෙනුවෙන් අධිකරණයට ඔවුන්ගේ ප්‍රණාමය පුදකරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

පාර්ලිමේන්තුව හා කථානායකවරයාට මෙතෙක් කරන ලද අභූත හා අසාධාරණ චෝදනා මෙමඟින් නිෂ්ප්‍රභ වනු ඇති බවද කථානායක කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයාගේ සහ මුළු රාජ්‍ය
තන්ත්‍රයේම අවධානය යොමු වී රට අප්‍රමාදව යථා තත්ත්වයට පත්වනු දැකීම ඔවුන්ගේ එකම ප්‍රාර්ථනය බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon