අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග නිකුත් කරන්න ජනපතිට බලතල නෑ

  👤  2364 readers have read this article !
By mawbima 2018-12-05

උපතිස්ස පෙරේරා

අමාත්‍යාංශ ලේකම්වරුන්ට නියෝග, විධාන හෝ උපදෙස් ලබාදීමට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජ ව්‍යවස්ථාවේ කිසිදු වගන්තියකින් ජනාධිපතිවරයාට බලයක් පවරා නොමැති බවත් එසේ තිබියදී ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත බලපෑම් කිරීම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවත් හිටපු ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල මහතා පෙන්වා දෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා නියෝග හා විධාන ලබාදුන් බවට ඊයේ (4දා) ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක් පිළිබඳව කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා නිකුත් කළ නිවේදනයක් මඟින් මේ සඳහන් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon