ස්වාධීනව කටයුතු කරන්න එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට දන්වයි

  👤  2326 readers have read this article !
By mawbima 2018-12-05

උපතිස්ස පෙරේරා

රාජ්‍ය මාධ්‍යායතනවල කටයුතු මධ්‍යස්ථව හා ස්වාධීනව සිදු කරන ලෙස එම මාධ්‍යායතන ප්‍රධානීන්ට දන්වා යැවීමට ඊයේ (4දා) එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් තීරණය කර තිබේ.

මේ වන විට නිකුත් කර ඇති අධිකරණ නියෝග දෙකකින් එම මාධ්‍යායතන ප්‍රධානීන්ට ස්වාධීනව හා අපක්ෂපාතීව කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇති බව එම පාර්ලිමේන්තු කණ්ඩායම පෙන්වා දී තිබේ.

කෙසේ වුවද අධිකරණ නියෝග නොසලකා රාජ්‍ය මාධ්‍යායතන තවදුරටත් කටයුතු කරන්නේ නම් ඊට අදාළ නිලධාරීන්ට එහි විපාක විඳීමට සිදුවන බවද ඔවුහු සඳහන් කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon