බස් ගාස්තු අඩු කරනවාද? නැද්ද? බස් හිමියන් හා ප්‍රවාහන කොමිසම අතර අද විශේෂ සාකච්ඡාවක්

  👤  2317 readers have read this article !
By mawbima 2018-12-05

ශිරාන් රණසිංහ

ඩීසල් මිල ගණන් පහළ දැමීමට

සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම පිළිබඳ ජාතික ප්‍රවාහන කොමිසමේ අවධානය යොමුව තිබේ.

බස් ගාස්තු අඩු කිරීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද (5දා) පැවැත්වීමට නියමිත අතර මේ සඳහා බස් සංගම් නියෝජිතයන්ට ඇරැයුම් කර ඇත.

ඩීසල් ලීටරයක මිල රුපියල් හතකින් අඩු වූ මොහොතේදී බස් ගාස්තු සියයට 2කින් අඩු කළ බවත් ඊට පසුව දෙවතාවකදී ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු කළ හැක්කේ සියයට 3කින් පමණකැයිද පෞද්ගලික බස් සංගම් ප්‍රධානීහු කියා සිටිති. නමුත් ටයර්, ටියුබ් හා අනෙකුත් වියදම් නිසා මේ මොහොතේ බස් ගාස්තු අඩු කළ නොහැකි බවද ඔවුහු කියා සිටිති.

ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ බස් ගාස්තු සම්බන්ධව අද (5දා) සාකච්ඡාවක් සිදු කරන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon