බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරු දෙදෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති

  👤  2416 readers have read this article !
By mawbima 2018-12-05

ඉෂාරා සිල්වා

බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරුන් වන කීර්ති කාරියවසම් සහ නවුසර් ෆවුසි යන මහත්වරු ඊයේ (4දා) අය - වැය විවාදය පැවැති අවස්ථාවේදී විපක්ෂයේ අසුන් ගත්හ.

බස්නාහිර පළාත් සභාව සභාපති සුනිල් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ අතර එහිදී මෙම මන්ත්‍රිවරුන් විශේෂ ප්‍රකාශ කරමින් සිය තීරණය පිළිබඳව දැනුම් දුන්නේය.

කීර්ති කාරියවසම් මන්ත්‍රිවරයා පවසා සිටියේ වත්මන් පරිපාලනය සමඟ තමන්ට කටයුතු කිරීමට නොහැකි බවත් වත්මන් සන්ධානයට සහ ප්‍රතිපත්තිවලට එකඟ නොවන බැවින් ඊට විරෝධය දැක්වීමක් ලෙස විපක්ෂයට එක්වීමට තීරණය කළ බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon