දේශපාලන අස්ථාවරභාවය නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයක

  👤  2383 readers have read this article !
By mawbima 2018-12-05

ශිරාන් රණසිංහ

රටේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරභාවය නිසා මෙරටට පැමිණීමට සිටි සංචාරකයන් සිය ගුවන් ගමන් අවලංගු කිරීමට පටන්ගෙන තිබීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්වී ඇතැයි එහි ජේ‍යෂ්ඨ නිලධාරියෙක් "මව්බිම"ට පැවැසීය.

මෙරටට පැමිණීමට සිටි විදේශිකයන් මෙරටට ඒම නවතා දමා ඇතැයි ද එම තත්ත්වය දිනෙන් දින උග්‍ර වන බවද හෙතෙම කියයි.

මෙනිසා ගුවන් ගමන් වාර පාඩු පිට ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත.

මේ වන විට කටුනායක ගුවන් තොටුපොළ හරහා වෙනත් රටවලට පියාසර කරන ගුවන් ගමන්ද රටේ දේශපාලන අර්බුදකාරී තත්ත්වය නිසා ශ්‍රී ලංකාව මඟහැර වෙනත් රටවල ගුවන් තොටුපොළවල් වෙත ගමන් කිරීමට පටන්ගෙන ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.

මේ වන විට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා ගුවන් වාර ක්‍රියාත්මක කරන්නේ අඩු මගීන් සමඟ යැයි ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon