19 වැනි සංශෝධනය මල් වට්ටියක් නොව මල් වඩමක්

  👤  2617 readers have read this article !
By mawbima 2018-12-05

විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණයට රට අස්ථාවර කිරීමට හැකියාවක් නැති බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ ඔහුට ඇති අභිමතානුසාරී බලය පාවිච්චි කරමින් බවත් මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළහ.

අභයතිස්ස හිමියන් මෙසේ පැවැසුවේ ඊයේ (04දා) කොළඹදී පැවති එළිය සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී උන්වහන්සේ මෙසේද ප්‍රකාශ කළහ.
මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි,

ඒකීය රාජ්‍යයකින් එක්සත් රාජ්‍යයකට රැගෙන යෑමේ තත්ත්වයකටයි එ.ජා.ප.ය ප්‍රමුඛ පිරිස් යන්න හැදුවේ. ඔවුන් ඒ සඳහා නව ව්‍යවස්ථාවක් රැගෙන ඒමට හැදුවා. නැතිනම් හැදුවේ තිබෙන ව්‍යවස්ථාවෙන් ඒ දේ කරගන්නටයි. ජයම්පති වික්‍රමරත්න, ලාල් විජේනායක වැනි පිරිස් මේ සඳහා මූලිකත්වය ගත්තා. 2018 ඔක්තෝබර් 26 විප්ලවය සිදුවෙන්නේ මේ දේවල් සිද්ධ වෙද්දී.

ඊයේ වන විට විශාල ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලැබී තිබෙනවා. මේ නඩු තීන්දුව පිළිබඳව අපට ගැටලුවක් නැහැ. එහෙත් මොකක්ද මේ නඩු තීන්දුව. ඇයි ජනාධිපතිවරයා නව අමාත්‍ය මණ්ඩලයක් පත් කළේ? එ.ජා.ප.ය එදා එක් වෙලා පිහිටුවා ගත්තේ ජාතික ආණ්ඩුවක්. නමුත් ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ල.නි.ප.ය අයින් වුණා. එවිට ඒ පැවැති කැබිනට් මණ්ඩලය සහ අගමැතිවරයා අවලංගු වෙනවා. ඒ නිසයි ජනාධිපතිතුමා තම අභිමතානුසාරී බලය පාවිච්චි කරලා නව අගමැතිවරයෙක් සහ අමාත්‍ය මණ්ඩලයක් පත් කරේ. ඒ ඇමැති මණ්ඩලය ඉවත් කරන්න පුළුවන් පාර්ලිමේන්තුව තුළ අරගෙන එන විශ්වාසභංගයකිනුයි. නමුත් කරන්නට පුළුවන් පාර්ලිමේන්තුව සක්‍රියව පැවතුණොත් පමණයි. නමුත් පාර්ලිමේන්තුව සක්‍රියව පැවැතියේ නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරපු පසු එහි මන්ත්‍රිවරුන් අවලංගුයි. කෙසේ වුණත් මේ සියලු තීරණ ර¼දාපවතින්නේ 07 වැනිදා ලැබෙන තීන්දුවත් සමඟයි. මේ ලැබුණු සියලු තීන්දු තීරණ නිෂ්ප්‍රභ වෙන්නට නියමිතයි. ඒ කටයුත්ත සිදුවුණු පසු මේවාට වගකිව යුත්තන්ටත් ඒ කරපු දේවල් සම්බන්ධයෙන් කරුණු දක්වන්නට සිදුවේවි.

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ 19 වැනි සංශෝධනය ගෙනාවේ ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීමට කියලායි. එහෙත් ව්‍යවස්ථාවේ තිබෙන අරමුණුවලින් වැඩක් නැහැ. මේකේ අරමුණ තමයි මහින්ද රාජපක්‍ෂට 3 වැනි පාර ජනාධිපතිවරණයට ඉල්ලීමට නොහැකි වන සේ නීති සැකසීම. නාමල් රාජපක්‍ෂට ජනාධිපතිවරණයට ඉල්ලීමට නොහැකි වන සේ නීති සැකසීම. ඒ වගේම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඉදිරියට ඒමේ ඉඩ මඟහැරීමයි. මේවා 19 සංශෝධනයේ නැති වන්නට පුළුවන්. නමුත් ඒවා තමයි එහි අරමුණු.

විසුරුවන ලද පාර්ලිමේන්තුවක විශ්වාසභංග ගෙනෙන්නට බැහැ. පාර්ලිමේන්තුව විසුරවීමේ බලතල තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. 19 සංශෝධනය අරමුණ පැහැදිලියි. එය මල් වඩමක් මිස මල් වට්ටියක් නොවේ. නීතිය දෙවිදිහකට නීතිවේදීන්ට පෙනෙන්නට බැහැ. එවිට ඇත්තේ නීතියේ සහ ව්‍යවස්ථාවේ ඇති වැරැද්දකුයි.

අග්‍රාමාත්‍ය ධුරය එ.ජා.ප.යේ කාට හරි ලබා දෙනවා කියන එක නෙවේ ප්‍රශ්නය. අපට පක්ෂ පාටවලින් වැඩක් නැහැ. එ.ජා.ප.යට අවශ්‍ය රට පාවාදෙන නායකයන් නොවේ. දැක්මක් සහිත නායකයෙක්.
කලා ශිල්පී සුදත් රෝහණ මහතා,

මෙය පක්‍ෂ 2ක් අතර ගැටලුවක් නොවේ. ජනතාවාදී හා ජනතා විරෝධී පිරිස් අතර තිබෙන ගැටලුවක්. ඔවුන් මැතිවරණවලට බය නිසායි මේ විදියට කටයුතු කරන්නේ. කලාකරුවන් ලෙස අපි ඉන්නේ ජනතාවාදී බලවේගයත් සමඟයි. ඇතැම් කලාකරුවනුත් මේ වෙලාවේ ජනතාව නොමඟ යවනවා. ඒ පිළිබඳව අපිට ඇත්තේ පිළිකුලක්. ව්ට්ර්ණී නඩ සමඟ එකතු වෙලා. එ.ජා.ප.ය, ජ.වි.පෙ. හා ටී.එන්.ඒ. මේ හදන්නේ රට අගාධයකට යැවීමටයි. රටේ සමස්ත මහජනතාවම ඉල්ලන්නේ මහ මැතිවරණයක්. ලබන 07 වැනිදා අධිකරණයෙන් අපිට යහපත් තීන්දුවක් ලැබෙයි කියලා අපි සිතනවා.
රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා,

රට අර්බුදයට පත් වෙන්නේ 2018 ඔක්තෝබර් මාසේ 26 වැනිදා නෙමෙයි. රට අර්බුදයට පත් වෙන්නේ 2015 ජනවාරි මාසේ 9 වැනිදා ආසන 42ක් පමණක් තිබෙන පක්‍ෂයක නායකයාට ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍ය තනතුර ලබාදුන් දවසේ. එදා කවුරුත් මේකේ බහුතරය හෙව්වේ නෑ. කවුරුත් උසාවියට ගියේ නෑ. කවුරුත් ඒ වෙනුවෙන් උපවාස කළේ නෑ. කවුරුත් ඒ වෙනුවෙන් අධිකරණ නියෝග ඉල්ලුවේ නෑ. ඔන්න අර්බුදය පටන් ගත්තා. අර්බුදය මතු වන්නේ මහ දවල් මහ බැංකුව මංකොල්ලකාපු දවසේ නෙවෙයිද?

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ජයත් ශ්‍රී බණ්ඩාර

ඡායාරූප - දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon