රට ගැන සිතා කවුරුන් හෝ අඩියක් පසුපසට ගත යුතුයි

  👤  2544 readers have read this article !
By mawbima 2018-12-05

ජනාධිපති මන්දිරය වටලන බවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කටින් කීවද ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීමට නොහැකිව ඇත්තේ ඔවුන්ට ජනතා බලය නොමැති නිසා යැයි ජාතික සමඟි පෙරමුණු නායක අසාද් සාලි මහතා පැවැසීය.

කොළඹ, මල් පාරේ පිහිටි කාර්යාලයේ ඊයේ (4දා) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී ඒ මහතා ඒ බැව් කියා සිටියේය.

ඉතිහාසයේ පළමු වතාවට රට තුළ අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් නොමැති රටක් බවට පත්වී ඇති මොහොතේ රට පිළිබඳව සිතා කවුරුන් හෝ අඩියක් පිටුපසට ගත යුතුව ඇතැයිද අසාද් සාලි මහතා එහිදී පැවැසීය.

මේ මොහොතේ රට බරපතළ ලෙස අස්ථාවර වී ඇති නිසා වහාම මැතිවරණයකට යෑම මිස වෙනත් විකල්පයක් නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයකුට අගමැතිකම ලබාදී හෝ මෙම ප්‍රශ්නය නිරාකරණය කරගත යුතුව තිබුණද රනිල් වික්‍රමසිංහ මහතා ඊට සූදානම් නෑ.

එක්සත් ජාතික පක්ෂය යනු මේ රටේ ශක්තිමත්ම දේශපාලන පක්ෂයක් යැයි කී ඒ මහතා රනිල් වැනි නායකයන් එජාපය තුළ ඊට පෙර නොසිටි බවද පැවැසීය.

ඕනෑම රටක පක්ෂයක නායකයන් බිහිවන බවත් නායකයන් නැති වන බවත් අසාද් සාලි මහතා පෙන්වා දුන්නේය. නමුත් මේ නායකයා වසර 24ක පමණ කාලයක් තිස්සේ එජාප නායකත්වයේ සිටින පක්ෂය හා පාක්ෂිකයා දුර්වල කළ බවද ඒ මහතා කියා සිටියේය.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදුන් ජේ.ආර්. ජයවර්ධන මහතා එදා කීවේ විධායක බලතල හමුවේ ගෑනියෙක් මිනිසෙක් කිරීමටත් මිනිසෙක් ගෑනියෙක් කිරීමට විතරක් බැහැ කියයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ධුරයේ බලතල ඔහු විසින්ම අඩු කරගත් බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා රට ගැන හිතා විධායකයේ ඉතිරිව ඇති බලතල ටික පාවිච්චි කරන බවත් එතුමාට අද තනියම රට කරවන්නට සිදුව ඇති බවත් කීය.

එහෙත් මේ ලෙස රට තවදුරටත් ඉදිරියට කරගෙන යා නොහැකියි.

ශිරාන් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon