වසර 05කට පසු 2018 රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙලේදී නිර්මාණ ශිල්පීහු රැසක් සම්මාන ලබති

  👤  2316 readers have read this article !
By mawbima 2018-12-05

හර්ෂනී අර්සකුලරත්න

ඡායාරූප - වෙනුර චන්ද්‍රමාලිත

සංස්කෘතික, අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක සභාව එක්ව වාර්ෂිකව සංවිධාන කරන 'රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල 2018' පෙරේදා (3දා) සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන හිටපු ඇමැති එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි. වසර 5ක නිහැ¾ඩියාවකින් පසුගිය වසරේ සිට යළිත් පැවැත්වූ මේ උළෙල සඳහා ගිය වසරට සාපේක්ෂව නිර්මාණ රැසක් ලැබුණු බව රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලයේ සභාපති සරත් ගුණසිරි පෙරේරා මහතා එහිදී පැවැසීය. දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලින් මෙවර නිර්මාණ 450ක් පමණ ඉදිරිපත් වී තිබිණි.

එම සියලු නිර්මාණ වට කිහිපයකින් තෝරාගෙන අවසන් වරට විනිශ්චය මණ්ඩලයේ නිර්ණායක අනුව තෝරාගත් නිර්මාණ මේ රාජ්‍ය උළෙලේදී සම්මානයට පාත්‍ර විය.

අදියර තුනක් යටතේ සම්මාන ප්‍රදානය සිදු වූ අතර එහිදී යාවජීව සම්මාන ත්‍රිත්වයක්ද පිරිනැමීම සිදුවිය. එම සම්මාන ත්‍රිත්වය සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන හිටපු ඇමැති එස්.බී. නාවින්න මහතාගේ සුරතින් පිරිනැමිණි.

දෘශ්‍යාභිමානී හරසර යාවජීව සම්මානයෙන් ප්‍රවීණ චිත්‍ර මූර්ති ශිල්පීන් වන එච්.ඒ. කරුණාරත්න, විමල සුරේන්ද්‍ර, ප්‍රභාත් විජේසේකර යන අද්විතීය කලාකරුවන් සම්මානිත විය.

චිත්‍ර නිර්මාණාත්මක විශිෂ්ටතා සහතික 13ක්ද, චිත්‍ර භූමි දර්ශන වෙනුවෙන් විශිෂ්ටතා සහතික 1ක්ද, චිත්‍ර ආලේඛ්‍ය විශිෂ්ටතා සහතික 3ක්ද, චිත්‍ර සාම්ප්‍රදායික විශිෂ්ටතා

සහතික 2ක්ද පළමු අදියරේදී පිරිනැමිණි.

දෙවැනි සම්මාන අදියරේදී මූර්ති නිර්මාණ සඳහා සහතික පිරිනැමුණු අතර මූර්ති නිර්මාණාත්මක අංශයෙන් විශිෂ්ටතා සහතික 6ක් පිරිනැමිණි.

මූර්ති ආලේඛ්‍ය විශිෂ්ටතා සහතික 2ක්ද, මූර්ති සාම්ප්‍රදායික විශිෂ්ටතා සහතික 4ක්ද, රේඛා චිත්‍ර විශිෂ්ටතා සහතික 3ක්ද, ස්ථාපන කලා
විශිෂ්ටතා සහතික 1ක්ද පිරිනැමිණි.

තෙවැනි සම්මාන අදියරේදී ප්‍රථම ස්ථානයට සම්මාන 7ක්, දෙවැනි ස්ථානයට සම්මාන 6ක්, තෙවැනි ස්ථානයට සම්මාන 5ක්, පිරිනැමිණි.

එහිදී චිත්‍ර සාම්ප්‍රදායික අංශයෙන් ආර්.එම්.එස්. බණ්ඩාර, චිත්‍ර නිර්මාණාත්මක අංශයෙන් එච්.එම්.කේ.වී.ඩී. හේරත්, චිත්‍ර ආලේඛන අංශයෙන් අයි.එස්. හේවගේ, චිත්‍ර භූමි දර්ශන අංශයෙන් ඕ.එල්.එස්. ප්‍රනාන්දු, මූර්ති ආලේඛ්‍ය අංශයෙන් කේ.එම්.සී. රුසිරු, රේඛා චිත්‍ර අංශයෙන් කේ.ඩී.ආර්. සම්පත්, මුද්‍රණ විධි අංශයෙන් වී.ජේ. අලුදෙණිය යන ශිල්පීන් ප්‍රථම ස්ථාන සම්මාන ලබා සම්මානයට පාත්‍ර විය.

මේ සම්මාන උළෙල සඳහා සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ අනුෂා ගෝකුල ප්‍රනාන්දු, රාජ්‍ය දෘශ්‍ය කලා උපදේශක මණ්ඩලයේ සභාපති සරත් ගුණසිරි ඇතුළු විද්වතුන් රැසක් සහභාගි වූහ.

සම්මාන උළෙල ස¼දහා ලද නිර්මාණ අතුරින් තෝරාගත් නිර්මාණ ඇතුළත් චිත්‍ර මූර්ති ප්‍රදර්ශනයක්ද මීට සමගාමීව පසුගිය මස 27දා පැවැත්විණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon