විදේශීය බලවේග මත ආණ්ඩු පිහිටෙව්වාම මෙහෙම තමයි

  👤  2487 readers have read this article !
By mawbima 2018-12-05

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

යහපාලන රජය විසින් ගෙන ආ 19 වැනි සංශෝධනය නිසා මේ වනවිට රටෙහි බොහෝ අර්බුදකාරී තත්ත්වයන් නිර්මාණය වී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. නීතිමය කටයුත්තක් වෙනුවෙන් ඊයේ (04දා) කොළඹ මහාධිකරණය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගෝඨාභය මහතා මෙසේ පැවැසීය.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා,

ප්‍රශ්නය _ පෙරේදා (03දා) ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මොනවගේ තත්ත්වයක් රටේ ඇති විය හැකිද?

පිළිතුර _ මම ආණ්ඩුවටවත් අධිකරණයටවත් අයිති කෙනෙක් නොවේ. මම හිතන්නේ මේ රට ස්ථාවර කිරීමයි සියලු දෙනාගේම යුතුකම. එයට හොඳම ක්‍රමවේදය තමයි ජනතාවට එම බලය ලබාදීම. සීනිගම යන්න ඉස්සර වෙලා ජනතාව අතරට යන්න අවශ්‍යයි.

ප්‍රශ්නය _ ආණ්ඩුව කරගෙන යන්නට බැරි තත්ත්වයක් නේද මේ ඇතිවෙලා තිබෙන්නේ?

පිළිතුර _ ඒකට වගකියන්නට ඕනේ 19 වැනි සංශෝධනය ගෙනාපු මිනිස්සුයි. මේ වගේ ප්‍රශ්න කවදාවත් තිබුණේ නැහැනේ. මේ සංශෝධනය ගෙනාවේ පෞද්ගලික හේතූන් නිසාමයි. මේ විදියට රටක් දුවන්න බැහැ. රටකට ස්ථාවරත්වයක් අවශ්‍යයි.

ප්‍රශ්නය _ උතුරේ යම් යම් සිද්ධි ඇති වෙලා තිබෙනවා නේද?

පිළිතුර _ ඔය වගේ දේවල් මගේ කාලයේ වුණේ නැහැ. රටක ආරක්ෂාවයි මූලිකම දෙය. මේවා සෑම දෙයක්ම කරන්නේ එල්ටීටීඊ ඩයස්පෝරාවට අවශ්‍ය දේවල් කරන්නටයි. විදේශ බලවේග මත ආණ්ඩු පිහිටෙව්වහම මේ වගේ ප්‍රශ්න ඇතිවෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon