ජනාධිපතිවරයා මහින්දව අගමැති කළේ රනිල්ගෙන් රට බේරා ගන්නයි

  👤  2089 readers have read this article !
By mawbima 2018-11-21

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව ලබාදෙනවා මිසක නීති විරෝධී ලෙස පාර්ලිමේන්තුව තුළ විගඩම් යෝජනා ගෙන එමින් ඉතුරු වී තිබෙන පණ ටිකත් යැවීමට කටයුතු නොකරන්නැයි ආචාර්ය බන්දුල ගුණවර්ධන විපක්‍ෂයෙන් ඉල්ලීමක් කරයි.

මන්ත්‍රිවරයා සඳහන් කර සිටියේ පසුගිය ආණ්ඩුව මේ රටට සිදු කළ හැකි උපරිම හානිය කර ඇති බවයි.

ඊයේ (20දා) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මෙසේද කීය.

පාර්ලිමේන්තුවට යෝජනාවක් ලබා දුන්නා අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපාහරින ලෙසට. මීට පෙර 14 වැනිදා ඉතා විශාල ධාවන ශූරත්වයක් පෙන්වමින් ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රිවරයා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සහ සම්ප්‍රදායට පටහැනිව විශ්වාසභංග යෝජනාවක් ලබා දුන්නා අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය නීත්‍යනුකූල නොවන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ චක්‍රලේඛ සියල්ල නීත්‍යනුකූල නොවන බවත් පවසමින්.

ඔවුන්ම පසුව ඒ විශ්වාසභංගය සංශෝධනය කරනවා පළමුවැනි වගන්තිය නැතිව. දෙවැනි වගන්තිය සහිතව විශ්වාසභංගය සම්මත වුණු මෙම පාර්ලිමේන්තුව 16 වැනිදා රැස් වුණේ නැහැ. රැස්වෙනවා නම් ප්‍රථමයෙන් වේත්‍රධාරිවරයා ඇවිදගෙන ඇවිල්ලා සෙංකෝලය පාර්ලිමේන්තුව මැද ස්ථාපිත කිරීමෙන් පසුව තමයි පාර්ලිමේන්තුව ආරම්භ වෙන්නේ. ඒ වන විට පාර්ලිමේන්තුවේ ලේකම්වරයා හා අනෙක් ලේකම්වරු දෙදෙනා වාඩි වී සිටියා. නමුත් වේත්‍රධාරිතුමා හෝ සෙංකෝලය තිබුණේ නැහැ. නිශ්චිත වෙලාවට පාර්ලිමේන්තුව ආරම්භ විය යුතුයි. නමුත් 1.30ට කථානායකවරයා මූලාසනයට පැමිණිය යුතුයි.

එහෙම නම් ගැටුම් විරෝධතා සියල්ල ඇති වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුළ නොවෙයි. නීත්‍යනුකූල රැස්වීමක් නොපවතින අවස්ථාවේදී ඉතිහාසයේ පළමු වතාවට කථානායකවරයා පොලිස් බළඇණියක් පිරිවරා ගෙන පාර්ලිමේන්තුව තුළට පිවිසෙනවා.
පසුගිය ආණ්ඩුව ගෙන ගියේ ස්වජාතිකයන් වනසන විජාතිකයන් සනසන ක්‍රමයක්. ආර්ථික කමිටුවෙන් මේ රට බේරගන්න බැරි නිසා තමයි ජනාධිපතිවරයා අලුත් වැඩපිළිවෙළක් හදන්න මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති හැටියට පත් කළේ.

ෂෙහාන් සේමසිංහ මහතා,
අනුර කුමාරගෙ ජ.වි.පෙ. තමයි එ.ජා.ප.යේ ප්‍රධාන උපදේශකවරයා. එ.ජා.ප.ය කරන්න හදන්නේ කථානායකවරයාට නැති බලයක් පවරලා රට තව තවත් අවුල් කිරීමටයි.
ඉෂාරා සිල්වා
ඡායාරූප -

වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon