කටු අනෝදා වගා කලාපය අද ගම්පහින් ඇරැඹේ

  👤  2093 readers have read this article !
By mawbima 2018-11-21

උදයන්ති මුණසිංහ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කටු අනෝදා වගා කලාපය අද (21දා) ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ අනුව මේ වසර තුළ කටු අනෝදා පැළ ලක්ෂ දෙකක් ගොවීන් අතර බෙදා දීමට කටයුතු යොදා තිබේ.

කටු අනෝදා, වැලි අනෝදා සහ සීනි අනෝදා යනුවෙන් මෙරට වැවෙන අනෝදා වර්ග තුනක් තිබෙන අතර මේ අතරින් කටු අනෝදා සුවිශේෂී වන්නේ එහි ඇති මිනිස් සිරුරේ හටගන්නා පිළිකා සෛල විනාශ කිරීමට ඇති හැකියාව නිසා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

පිළිකා සෛල විනාශ කිරීමට යොදාගන්නා "කීමෝ තෙරපි" ක්‍රමය මඟින් පිළිකා සෛල පමණක් නොව එම සෛල අවට ඇති නිරෝගී සෛල විනාශ වීමක් සිදුවන බවත්, කටු අනෝදාවල තිබෙන පිළිකා සෛල විනාශ කිරීමේ ශක්‍යතාව කීමෝවලට වඩා දහස් ගුණයකින් වැඩි බව පර්යේෂණවලින් ඔප්පු වී තිබෙන බවත්, එම අමාත්‍යාංශය සඳහන් කරයි.

එමෙන්ම හෘදයාබාධවලට හේතුවන අහිතකර කෙලෙස්ටරෝල් අඩු කිරීම, හෘද ස්පන්දනය සහ එහි රුධිර පීඩනය සමතුලිතව පවත්වාගැනීමටද කටු අනෝදාවලට හැකියාව තිබේ.

විදේශ වෙළෙ¼දපොළේ මෙන්ම මෙරට සංචාරක කර්මාන්තයේදී ඉහළ ඉල්ලුමක් සහ ඉහළ මිලක් කටු අනෝදාවලට පවතින අතර, එමඟින් ඉහළ ආදායමක් ගොවීන්ට උපයා ගත හැකි නිසා මේ වගාව ආර්ථික බෝගයක් වශයෙන් වගා කිරීම මෙන්ම එහි ඇති යහගුණය ජනතාව අතර ප්‍රචලිත කිරීම සඳහා ද පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon