පිළිසකර කළ සෙල්ලකතරගම ගණ දෙවි කෝවිලේ පූජෝත්සවය ලබන 28 වැනිදා

  👤  2012 readers have read this article !
By mawbima 2018-11-21

කතරගම - ඩී.එන්. කලුආරච්චි

ඓතිහාසික සෙල්ලකතරගම ගණ දෙවි දේවාලයේ ප්‍රතිසංස්කරණය කරන ලද මූලස්ථාන විමන ගෝපුරම හනුමා දේවාලය, නවග්‍රහ මණ්ඩලය, භෛරව දේවාලය, වසන්ත මණ්ඩපය සහ අභිනවයෙන් ඉදිකළ දක්ෂිණ මූර්ති දේවාලය විවෘත කිරීමේ මහා පූජෝත්සව මංගල්‍ය ලබන 28 වැනි දින සිදුකිරීමට කටයුතු යෙදා ඇති බව ගණ දේවාලයේ භාරකාර උපුල් දිසානායක මහතා පවසයි.

මේ වැඩසටහනට සමගාමීව 24 වැනිදා උදෑසන 05ට මහා ගණපති හෝම පූජාව සමඟ වාස්තු ශාන්ති පූජාව වන දේව පිළිම මැණික් ගඟේ ජලයෙන් අභිෂේක කිරීම සිදුවේ.

ලබන 25 වැනි දින මහහෝම පූජාව සඳහා කොත් තැන්පත් කිරීම, යන්ත්‍ර හා නිධන් වස්තු තැන්පත් කිරීම සිදුවේ. ඊට පසුදින (26දා) හා 27 වැනි දෙදින බැතිමතුන් සඳහා පිළිම තුළ තල තෙල් ගැල්වීමට අවස්ථාව ලබාදෙන අතර 28 වැනි දින උදෑසන 6.30 සිට දක්ෂිණ මූර්ති දේවාලය ඇතුළු දේවාල විවෘත කිරීම හා වාහල්කඩ මහා කුම්භාභිෂේක පූජාව පැවැත්වේ.

ඉතාම කලාතුරකින් අවස්ථාව ලැබෙන දේව පිළිම තුළ තල තෙල් තැවරීමට බැතිමතුන්ට අවස්ථාව උදා වෙන බැවින් තල තෙල් හා කිරි රැගෙන එන ලෙස ගණ දේවාල පූජකවරු බැතිමතුන්ට දන්වා සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon