ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය හේතුවෙන ඉන්දියාව හා පලාලි අතර ගුවන් ගමන් දෙසැම්බරේ ආරම්භ කිරීමට හැකිවන්නේ නෑ

  👤  2057 readers have read this article !
By mawbima 2018-11-21

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

ශ්‍රී ලංකාවේ හදිසියේම ඇති වූ දේශපාලන අර්බුදය හේතුවෙන් කලින් යොදාගත් පරිදි ඉන්දියාව හා පලාලි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් මේ වසරේ දෙසැම්බර් මාසයට පෙර ආරම්භ කිරීමට නොහැකි වනු ඇතැයි ඉන්දීය ගුවන්තොටුපළ අධිකාරිය දෙමළ ජාතික සන්ධානය වෙත දැනුම් දී තිබේ. ඉන්දීය ගුවන් තොටුපළ අධිකාරියේ නිලධාරීන් පිරිසක් මීට මාස දෙකකට ඉහතදී යාපනයේ පලාලි ප්‍රදේශයට පැමිණි අවස්ථාවේදී පවසා තිබුණේ දෙසැම්බර් මස 31 වැනිදාට පෙර ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපොළේ සිට පලාලි දක්වා පළමු ජාත්‍යන්තර ගුවන් යානය පැමිණෙන බවයි.

දෙමළ ජාතික සන්ධානය මේ සතියේදී මේ පිළිබඳව ඉන්දීය ගුවන් තොටුපළ අධිකාරියෙන් විමසූ අවස්ථාවේදී එහි නිලධාරීන් ප්‍රකාශ කොට ඇත්තේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ආණ්ඩු මාරු වී විශාල දේශපාලන අර්බුදයක් හටගෙන ඇති බැවින් ඊට සාර්ථක හා අවසන් පිළිතුරක් ලැබෙන තුරු ඉන්දියාව හා පලාලි අතර ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමේ වැඩසටහන ප්‍රමාද කරන මෙන් ඉන්දීය රජයෙන් ගුවන් තොටුපළ අධිකාරියට දැනුම් දී ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon