ජනාධිපතිගේ ක්‍රියාව අධිකරණය අනුමත කළොත් අපි එකමුතුව සටන් කරමු

  👤  2637 readers have read this article !
By mawbima 2018-11-21

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ව්‍යවස්ථාව දෙවරක් උල්ලංඝනය කරලා ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කළා. ඊට විරුද්ධව අධිකරණයට ගිය අපිට සාධාරණයක් ඉටු නොවුණහොත් මෙලෙස වෘත්තික සභාව සමඟ රටේ ජනතාව දැනුවත් කර මේ කුජීත දේශපාලකයන් එළවා දැමීමට කටයුතු කරනවා. ඒ සඳහා ඔබ සැමගේ සහයෝගය අවශ්‍ය යැයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් කෑගල්ලේදී පැවැසීය.
් අමතා විජිත හේරත් මහතා එසේ පැවැසීය.
මෙම දිස්ත්‍රික් සමුළුව කෑගල්ල තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී විජිත හේරත් මහතා මෙසේද පැවැසීය.

මම ඉතාමත් ආඩම්බර වෙනවා මෙවැනි අර්බුදයක් ඇති අවස්ථාවක ඔබ සැම මෙම ස්ථානයට පැමිණීම ගැන. මේ රට වෙනස් කරන්න නිර්භීතව පැමිණීම ගැන. අද විද්වතුන්ගේ නිහඬතාව රටටත් ජාතියටත් හානියක්. රට හදන්න රට රකින්න ජනතාවාදී පාලනයක් ඇති කිරීමට ඔබ සැමගේ සහාය අවශ්‍යයි.

මේ පවතින පාදඩ දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතුයි. මේ කියන විදියට පාර්ලිමේන්තුවේ කාට බහුතර බලය තිබුණත් මේ ජනපතිට පුළුවන් ඕනෑ කෙනෙක් අගමැති ධුරයට පත් කරන්න.
අද උගතුන් විද්වතුන් ලක්ෂ 20ක් පමණ රට අතහැර ගොසින් තිබෙනවා. අපි ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට අංශ 10ක සැලසුම් සකස් කළා. අපේ රට සම්පත්වලින් පිරි රටක්. රට රකිනවා කියන්නේ මේ රටේ භෞතික සම්පත්, ගහකොළ, සතා සිවුපාවා ආදී මේ සියල්ල ආරක්ෂා කරන එකටයි.

නීතියට වඩා යුක්තිය බලවත්. ජනතා තීන්දුව ඊට වඩා බලවත්. ඒ නිසා යුක්තිය ඉටු කර ගැනීමට එක් වන්න. එසේ නොවුණහොත් රටක් ඉතිරි වන්නේ නැහැ. සැබෑ ජනතාවාදී පාලනයක් අවශ්‍යයි. වැටුප් රහිතව හෝ සමාජයට සේවය කරන මන්ත්‍රිවරු අපට ඕනෑ. දූෂණ නොකරන, හොරකම් නොකරන අය අපට ඕනෑ. 20 වැනි සංශෝධනය අපි ඉදිරිපත් කළේ රටට සේවයක් කරන්න. එයට ඉඩ දුන්නේ නැහැ.
කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ

දමුණුපොළ - චමින්ද ජයලත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon