නැඟෙනහිර දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් සෙවීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක්

  👤  700 readers have read this article !
By mawbima 2018-11-20

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

දැනට රට තුළ පවතින දේශපාලන අස්ථාවර භාවය හමුවේ උතුරු නැඟෙනහිර දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අපේක්‍ෂා කිරීම අර්ථ ශූන්‍ය ක්‍රියාවක් යැයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

යාපනයේ මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් 18දා සවස මේ බව පැවැසූ සුමන්තිරන් මහතා කියා සිටියේ පසුගිය රජය නව ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට යම් විසඳුමක් සෙවීමට උත්සාහ කළත් මේ වන විට ජනාධිපතිවරයාත් වත්මන් රජයත් මුහුණ පා සිටින අනපේක්‍ෂිත දේශපාලන ව්‍යාකූලතාව මැද දෙමළ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරා යෑමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි.

ඉදිරි කාලයේදී විශ්වාසභංග යෝජනා දෝෂාභියෝග වැනි කාරණාවලට පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමක් සිදුවනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව කී සුමන්තිරන් මහතා දෙමළ ජනතාවගේ සුබසිද්ධිය සඳහා නොව රටේම සුබසිද්ධිය සඳහා මේ කාලය තුළ වැදගත් යමක් සිදු වෙතැයි තමන් අපේක්‍ෂා නොකරන බවද කියා සිටියේය.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයාට ඇති බලතල උපයෝගි කරගෙන මේ අවාසනාවන්ත ලෙස සිදුවූ දේශපාලන ව්‍යාකූලතාවට
පිළියම් සෙවිය හැකි නමුත් ඔහු පෞද්ගලික එදිරිවාදිකම් මත එවැනි තීරණයකට එළැඹෙන බවක් පෙනෙන්නට නැතැයිද මෙහිදී කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon