පාර්ලිමේන්තු තේරීම් කාරක සභා ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන් නම් කිරීම අද - වාසුදේව කියයි

  👤  695 readers have read this article !
By mawbima 2018-11-20

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතයන් අද (20දා) නම් කරන බව සංහිඳියා ජාතික ඒකාබද්ධ හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා 'මව්බිම'ට ප්‍රකාශ කෙළේය.
මේ අනුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ආණ්ඩු පක්‍ෂ නියෝජිතයන්ගේ නම් අද දිනම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාට යොමු කිරීමට නියමිත බවද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කළේය.

සාමාජිකයන් 12 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ බහුතරය ආණ්ඩු පක්‍ෂයට හිමිවන නිසා සාමාජිකයන් 07 දෙනකුගේ නම් ආණ්ඩු පක්‍ෂය විසින් නම් කර යවන බවද වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රි පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගත් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon