සන්දේශයක් බාරදීමට ආ පිරිසට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම ගැන ජනපතිගෙන් පරීක්ෂණයක්

  👤  2257 readers have read this article !
By mawbima 2018-11-20

පහන් විජේසේකර

'සිංහලයේ අපි' ජාතික සංවිධානය ඇතුළු තවත් සංවිධාන කිහිපයක් නියෝජනය කරන හිමිවරුන් ඇතුළු පිරිසක් ඊයේ (19දා) පෙරවරුවේ සන්දේශයක් භාරදීමට ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් සිදු වූ අපහසුතාව පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම සිය කනගාටුව පළ කර සිටී.

භික්ෂුන් වහන්සේ ඊයේ දිනයේදී ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන බවට දැනුවත් වී නොතිබූ අතර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට උපදෙස් ලබාදුන් අයට එරෙහිව වහාම පරීක්ෂණයක් පැවැත්වීමටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

අනතුරුව අදාළ ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස හමුවී සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා උන්වහන්සේ විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ අධිකරණ කටයුතුවලට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලීමක් සහිත ලිපිය භාරගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon