අතුරු තහනම් නියෝගයක් තිබියදී පාර්ලිමේන්තුව රැස් කරන්න කථානායකට බෑ

  👤  2138 readers have read this article !
By mawbima 2018-11-20

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය අත්හිටුවමින්, අතුරු තහනම් නියෝගයක් ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් ලබාදී ඇති අවස්ථාවකදී පාර්ලිමේන්තුව රැස් වී සිදුකරන ක්‍රියාවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව තීරණය කරයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුම ප්‍රකාශ කළේ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක වන අවස්ථාවේදී පාර්ලිමේන්තුව රැස් කර ස්ථාවර නියෝගවලට පටහැනි ආකාරයෙන් කටයුතු කිරීමට කථානායක කරු ජයසූරිය මහතාට කිසිදු හැකියාවක් නොමැති බවයි.

ඒ අනුව විධායකය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් ඇති කොට මේ රට අස්ථාවර තත්ත්වයකට ගෙන යෑමට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ කථානායක කරු ජයසූරිය මහතා බව මෙම මාධ්‍ය හමුවට එක් වූ නිවාස හා සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

ඇතැම් බටහිර රටවල් 3,4ක තානාපතිවරුන් සහ කථානායක කරු ජයසූරිය මහතා රහසිගත සාකච්ඡා 4ක් සිදුකර තිබෙන බවත් රට අභ්‍යන්තරයේ පවතින කාරණයක් ජාත්‍යන්තරකරණයට ලක්කිරීමට කථානායකට තිබෙන අයිතිය කුමක්ද? කියා තමන් ප්‍රශ්න කරන බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

එම නිසා කථානායක කරු ජයසූරිය මහතා කුමන නාඩගමක් නැටුවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය රට පාලනය කරන බවත් එම නීත්‍යනුකූල භාරකාර ආණ්ඩුවට නීති විරෝධී ආකාරයෙන් කිසිවකුට අභියෝග කළ නොහැකි බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon