ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව නොතකා කථානායක මැතිසබය කැඳවීමට එරෙහිව විරෝධතා නඩුවක්

  👤  2097 readers have read this article !
By mawbima 2018-11-20

නුවන් හෙට්ටිආරච්චි

අතුරු තහනම් නියෝගයක් උසාවිය මඟින් ලබා දී තිබියදී කථානායකවරයා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රිවරුන් පාර්ලිමේන්තුව තුළ විවිධ ක්‍රියාමාර්ග සිදු කිරීමට විරුද්ධව අධිකරණයේ විරෝධතා නඩුවක් ගොනු කළ බව 'සත්‍ය ගවේෂකයෝ' සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේම්නාත් සී. ‍ෙදාලවත්ත මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19දා) මහජන පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රය දෙසැම්බර් 4,5 සහ 6 දින තෙක් ශේ‍ර්ෂ්ඨාධිකරණය මඟින් අත්හිටුවා තිබියදී එම කාලය අතරතුර බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව කැඳවා කථානායකවරයා සිදු කරමින් සිටින ක්‍රියා පටිපාටීන් සියල්ල ශූන්‍ය කරන ලෙස ඉල්ලා එම නඩුව ගොනු කළ බව හෙතෙම සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon