අගමැතිට වෙඩි නොවදින රථ ගෙන්වූ කතාව අසත්‍යයි

  👤  2120 readers have read this article !
By mawbima 2018-11-20

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින රථ දෙකක් ආනයනය කර ඇතැයි යනුවෙන් කෙරෙන ප්‍රචාර අසත්‍ය යැයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

විවිධ මාධ්‍යයන් තුළින් සහ සමාජ ජාල වෙබ් අඩවි මඟින් මෙම කරුණ පිළිබඳව සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වන බවත් එම පුවත් ප්‍රතික්ෂේප කරන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කර ඇත්තේ කිසිදු හේතුවක් නිසා අග්‍රාමාත්‍යවරයාට නව වාහන ඇණවුම් කර නොමැති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon