තලෙයිමන්නාරම හා රාමේශ්වරම් අතර බෝට්ටු සේවයක්

  👤  2141 readers have read this article !
By mawbima 2018-11-20

ලක්ෂ්මී ජයකොඩි

තලෙයිමන්නාරම හා ඉන්දියාවේ රාමේශ්වරම් අතර බෝට්ටු ප්‍රවාහන සේවය ආරම්භ කිරීමට කටයුතු කරන බව පුනරුත්ථාපන නැවත පදිංචි කිරීම් හා උතුරු පළාත් සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
වසරකදී 15,000කට ආසන්න ජනතාවක් දකුණු ඉන්දියාවේ තිබෙන පූජනීය ස්ථාන වන්දනාමාන කිරීමට මෙරට සිට යන බැවින් එම ජනතාවගේ පහසුව වෙනුවෙන් මෙම ප්‍රවාහන සේවය ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පසුගියදා යාපනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම ප්‍රවාහන සේවය මඟින් වන්දනාකාරුවන්ට මෙන්ම සාමාන්‍ය ජනතාවටත් ව්‍යාපාරිකයන්ටත් ගමනා ගමන පහසුකම් සලසා ගැනීමට හැකි වනු ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ මේ වන විට ඉන්දියාවේ සරණාගතයන් ලෙස ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට මෙරටට පැමිණීමටද එමඟින් පහසුවනු ඇති බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon