ETI අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 4කට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි

  👤  2110 readers have read this article !
By mawbima 2018-11-20

කටාන - බර්ටි වීරසිංහ

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්මන්ට් (ඡ්ඊධ්) මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හතර දෙනකුට 2019 ජනවාරි මස 28 දින අධිකරණයේ පෙනී සිටින ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය සිතාසි නිකුත් කළාය. දීපා එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ ජීවක එදිරිසිංහ යන අයට මෙසේ සිතාසි නිකුත් කර ඇත. මීගමුව - කුරණ මංගල පාරේ පදිංචි අනූෂා ජයන්ති මහත්මිය විසින් 2011 අංක 42 මුදල් ව්‍යාපාර පනතේ 20 වැනි වගන්තිය යටතේ ගොනුකරන ලද නඩුවකට අදාළව මෙලෙස සිතාසි නිකුත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon