මහරගම ප්‍රධාන බස්නැවතුමේදී අබිසරුලියන් පිරිසක් කෙහෙවලු පටලවාගෙන

  👤  2275 readers have read this article !
By mawbima 2018-11-20

බොරලැස්ගමුව - නිඳුවර අබේසිංහ

මහරගම නගර මධ්‍යයෙහි පිහිටි ප්‍රධාන බස් නැවතුමේ බෝගස අසල බහුලව ගැවසෙන වීථි ගණිකාවන් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය ඉරිදා (08දා) දහවල එක් තරුණියක් වටකරගෙන තවත් තරුණියන් පිරිසක් විසින් පහර දෙනු දක්නට ලැබිණි. බස් නැවතුම්පොළ අසල මගීන් මෙන්ම බස් සේවකයන්ද එය බලා සිටියා මිස කිසිවකු ඊට මැදිහත්වනු දක්නට නොලැබිණි.

ඉන් පැයකට පමණ පසුව පෞද්ගලික කැබ් සේවාවකට අයත් ත්‍රිරෝද රථයකින් පහර කෑමට ලක්වූ කාන්තාවද රැගෙන සිද්ධියවූ ස්ථානයට පැමිණි තරුණයකු විසින් පහරදුන් තරුණියන් අතර සිටි එක් තරුණියකට අමානුෂික ලෙස පහර දෙන අයුරු අවට සිටියවුන් බලා සිටියේ භීතියට පත්වෙමිනි. පහර කෑ කාන්තාවගේ ඉණ පෙදෙස තුවාල වී ඉන් රුධිරය වහනය වන අයුරුද දක්නට ලැබිණි. ඉන්පසු ඔහු එම ස්ථානයේ පිහිටි පාසලක තාප්පය අසල රැඳී සිටි ගණිකා වෘත්තියේ යෙදෙන තවත් තරුණියන් කිහිප දෙනකුට කනට හා කම්මුලට පහරදී හයිලෙවල් මාර්ගය හරහා පැමිණ පදික මාරුවේ විදුලි සංඥා පුවරුව අසල සිට ගත්තේ තවත් වීථි ගණිකාවන් එහි ඇතිදැයි විමසිලිමත් වන අයුරිනි.

එසේ කාන්තාවන්ට පහර දෙමින් පදික මාරුවේ විදුලි සංඥා පුවරුව අසලට අවේගශීලීව පැමිණි තරුණයා මෙම පහරදීම දෙස මහ මඟ අද්දර සිට බියෙන් හා තැති ගැනීමකට ලක්ව බිරාන්තයට පත්ව බලා සිටි පෞද්ගලික පන්තියක් නිමාවී නිවෙසට යමින් සිටි තරුණ තරුණියන් පිරිසක් අසලට ගොස් "මේ ගෑනු ඔක්කොම ඇඟ විකුණලා ජීවත් වෙන්නේ. මුන් මෙතෙනට අලුත් එකෙක් ආවම ඒකි ළඟට කස්ටමස්ලා වැඩියෙන් ඇදිලා යනවට අකැමැතියි. එහෙම ඒකීට මුන් ඊර්ෂ්‍යා කරනවා. අද පරණ උන් ඔක්කොම සෙට් වෙලා මේ කෙල්ලට ගහලා. වැඩේ වැරදියිනේ. උන් වගේම මෙයත් ජීවත් වෙන්න කීයක් හරි මෙතැන ඉඳන් හම්බ කරන්න ඕනෙ නේ. ඒකයි මං කේස් එකට අත දැම්මේ යැයි තරුණයා අවට සිටියවුන් දෙස බලා උස් හ¾ඩින් පැවැසීය.

එහිදී මෙම සිද්ධිය සියැසින් දුටු රජයේ සේවකයෙක් එසැණින් සිය ජංගම දුරකථනයෙන් මහරගම පොලිසියේ ප්‍රධාන දුරකථන අංකය වන 011-2850700 අංකයට දැනුම් දීමක් සිදු කළද, කිසිදු පොලිස් නිලධාරියකු පැයක් පමණ යන තුරා එහි නොපැමිණියේය.

මේ පිළිබඳ බස් නැවතුමේ සිටි මගීන් මෙන්ම බස් සේවිකයන්ද පැවැසුවේ මහරගම ප්‍රධාන බස් නැවතුම මාස කිහිපයක සිට වීථි ගණිකාවන්ගේ තිප්පොළක් බවට ක්‍රමයෙන් පත්වෙමින් පවතින බවයි. මොවුන් පිටුපස පාතාලයට සම්බන්ධ පුද්ගලයන් හා ප්‍රදේශයේ දේශපාලකයන් සිටිනා බැවින්, මෙම කාන්තාවන් විළි බියකින් තොරව පාරිභෝගිකයන් එකිනෙකා ඩැහැගැනීමට තරගයක යෙදී සිටින බවද ඔවුහු පවසූහ.

එම ස්ථානයේ සිටි වියපත් ත්‍රිරෝද රථ රියැදුරකු අප පුවත්පතට අදහස් දක්වමින් පැවැසුවේ "මහරගම කියන්නේ රටේ ප්‍රධාන නගරයක්. මෙම නගරයට එන යන පාසල් සිසුන්ද දැන් දැන් මෙම ගණිකාවන්ගේ පාරිභෝගිකයන් බවට පත්ව ඇති බවත්, මෙයට දින දෙකකට විතර පෙර මහරගම ප්‍රදේශයේම උසස් පාසලක ඉහළ පන්තියක ඉගෙනුම ලබන පාසල් සිසුවකු තමාගේ ත්‍රිරෝද රථයෙන් බස්නැවතුමේ සිටි ගණිකාවක් රැගෙන මහරගමට ආසන්නයේ පිහිටි නාවින්න මංසන්ධියේ ඇති ප්‍රසිද්ධ ලැගුම්හලකට ගිය බවද" ඔහු පැවැසීය. ඉහළින් එන ඕඩර්ස් නිසා පොලිසිය මේවා ගැන හොයන්නේ නෑ. මේ විදියට ගියොත් මහත්තයො ඉස්කොලේ ළමයි ටිකයි වැඩ ඇරිලා එන මහත්තුරු ටිකයි ඉවරෙට ඉවරයි කියා ඔහු පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon