මේ රටේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද කියන එක අපට ප්‍රශ්නයක්

  👤  2119 readers have read this article !
By mawbima 2018-11-20

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

පාර්ලිමේන්තු සැණකෙළියේ තවත් එක් දවසක් නිමාවී සිකුරාදා දිනයට කල් දැමුණු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පැවැසීය.

මෙම සැණකෙළි පැවැත්වීමෙන් සිදුවන්නේ අහිංසක ජනතාව තව තවත් පීඩාවට පත්වීම බවද සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා කීවේය.

පාර්ලිමේන්තුවේ ඊයේ (19දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

පසුගිය දිනවල ව්‍යාවස්ථා විරෝධීව පත්කරගත් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත වුණා. එය පිළිගන්නෙ නැති තැනට අද පත්වෙලා තියෙනවා. නීත්‍යනුකූල නොවන රජය කියනවා කථානායකතුමාගෙ තීරණය වැරැදියි කියලා. එහෙනම් ඒ අයට පුළුවන් ඒ අයට බහුතරය තියෙනවා නම් ඒ තීන්දුව නිෂ්ප්‍රභ කරන්න.

හැබැයි ඒක අවලංගු කරන්න පුළුවන් වෙන්නේ ඇඟේ හයියෙන් නොවෙයි. මන්ත්‍රිවරුන්ගේ ඡන්දයෙන්. අදත් අපි එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේන්න හැදුවා. ඒකට නීති විරෝධී රජය විරුද්ධ වුණා. අපි ඒක ගෙනාව නම් අදත් සැණකෙළියක් වෙනවා.

හැබැයි සැණකෙළි දක්වන අයට රට ගැන උනන්දුවක් නෑ. අහිංසක මනුස්සයන්ට වෙන දේ ගැන කිසිම තැනක සාකච්ඡා වෙන්නෙ නෑ. මේක නාඩගමක්. මේක විහිළුවක්. මේ නාඩගම අවසන් කරන්න ඕනෑ. මම කතා කරන්නෙ රටේ පොදු ජනතාවගේ පැත්තෙන්. ඒ ජනතාව බලාගෙන හිටියා මේ නාඩගම දිහා. පාර්ලිමේන්තුව අපහාසයට ලක්වුණා. අපට අහන්න තියෙනවා ප්‍රශ්නයක්. මේ රටේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙනවාද කියන එක. අපට ප්‍රශ්නයක්.

මේ ගන්නා වූ තීන්දු තීරණ තුළ මිනිසුන්ට මොකද වෙන්නෙ. කෝටි ගණන් වැය කරයි. මේ රුස්වීම්වලට සැණකෙළිවලට මුදල් වැය කරයි. ජනතාවට කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේ සැණකෙළිවලට සම්මාන දෙන්න සම්මාන උළෙලක් පවත්වන්න වෙයි.

අද පාර්ලිමේන්වේ ඡන්දයක් නැති නිසා සංවරශීලීභාවයක් තිබුණා. එදා ඡන්දයක් තිබුණ නිසා ඉතාමත්ම අන්ත විදියට හැසිරුණා. එදා කලහකාරී ලෙස හැසිණේ කවුද කියල රටම දැක්කනෙ. අනෙක් අය ගැන කියන්න මම දන්නෙ නෑ. හැබැයි මම නම් ඔය වගේ තත්ත්වයක් ඇති වුණොත් බොහොම ස්තුතියි මට කළ උදව්වට කියල මම අස්වෙලා ගෙදර යනවා. අනාගතේ හරි මට බහුතරයක් හැදේවා කියලා මම අස්වෙලා යනවා.

පාර්ලිමේන්තුවේ ගත්තු හැම තීන්දුවක්ම පරාජයට පත්කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා. එහෙම කරන්න වෙන්නෙ මහ පාරේ නොවෙයි. ඒක කරන්න පුළුවන් වෙන්නෙ පාර්ලිමේන්තුව ඇතුළෙ විතරයි. කඩු කිණිසි වලින් මේක කරන්න බෑ. පොලුවලින් මේක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් වෙන්නෙ පාර්ලිමේන්තුව තුළ පමණයි.

දැන් පාර්ලිමේන්තු කාරක සභාවෙන් බහුතරය ගන්නෙ ආණ්ඩු පක්ෂයට විපක්ෂයට සාපේක්ෂව. හැබැයි මේක අසාමාන්‍ය තත්ත්වයක්. ආණ්ඩුවට බහුතරය නෑ. ඒ නිසා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට බහුතරය දෙන්න විදියකුත් නෑ. මේ පෙන්නන්න හදන්නෙ ඒකාධිපතිත්වය.

දැනට පාර්ලිමේන්තුවේ තියෙන සියලු කාරක සභා අක්‍රියයි. අහෝසි වෙලා තියෙන්නෙ. නාඩගම නට නටා යනවා. ජනතාව අනාථ වෙලා බලාගෙන ඉන්නවා.
එම්. ඒ. සුමන්තිරන් මහතා,

ආණ්ඩුව කියල කියන කට්ටියට අපි මෆර් එකක් දුන්නා. අපි කිව්වා අද නමින් ඡන්දය ගන්න අවස්ථාවක් දෙන්නම් කියලා එයාලට බහුතරය නැති නිසා ඒකට කැමැති වුණේ නෑ. ඒ වගේම අපි තව යෝජනාවක් ගෙනාවා. අගමැති ලේකම්ට රජයේ ගිණුමෙන් මුදල් ගන්න බෑ කියලා. ඒක නොවැම්බර් 29 වැනිදා විවාදයට ගන්න පක්ෂනායක කමිටුවේදී එකඟ වුණා.
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා,

කොච්චර බලතල තිබුණත් විධායක බලතල තිබුණත් ජනාධිතිතුමාට මුදල් වෙන් කරන්නෙත් පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කප්පාදු කළොත් එතුමාට මුදල් නෑ. එතුමා ජනාධිපතිකමට ගෙනාවේ විධායක බලතල අයින් කරන්න. ඒවායෙන් අනවශ්‍ය දේවල් කරන්න නෙවෙයි. ජනාධිපතිතුමාට මුදල් වෙන්කරගන්න පුළුවන් වෙන්නෙ මේ වගේ අර්බුදයක් ඇති වුණ වෙලාවකදී මාස 3ක කාලයකට විතරයි. ඊට පස්සෙ මොනවත් කරන්න බෑ.

ඒකට අවස්ථාව එතුමාට මාස 3ක් යනකම් මුදුල් වෙන්කරන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අවසර දීලා තියෙනවා.

අපි යෝජනාවක් භාර දුන්නා අගමැතිවරයාගේ මුදල් ගිණුම අත්හිටුවන්න. ඒක ඉදිරියේදී විවාදයට ගැනීමට නියමිතයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලටද මන්ත්‍රිවරයා පිළිතුරු දුන්නේය.

පක්ෂ නායක කමිටුවේදී විපක්ෂයෙන් මොනවද කතා කළේ?

විශේෂ දෙයක් කතා වුණේ නෑ.

ජනාධිපතිතුමාගේ රැස්වීමේ එකඟතාවකට ආවා නේද?

කිසි එකඟතාවකට ආවේ නෑ. එතැනදී වුණේ ජනාධිපතිතුමා කිව්වා නාමිකව ඡන්දය ගන්න කියලා. එච්චරයි.

113ක දිවුරුම් ප්‍රකාශ දෙනවා කිව්වා. ජනාධිපතිතුමාට නේද?

ඔව්. අපි දිවුරුම් ප්‍රකාශ 113ක් ලෑස්ති කර ගත්තා. ඒත් ජනාධිපතිතුමා කිව්වා නෑ, ඕනෙ නෑ. පාර්ලිමේන්තුවෙන්ම විසඳුමක් හදන්න නාමිකව ඡන්දය ගන්න කියලා.

රටේ අනවශ්‍ය ගැටුම් ඇතිවෙනවා නේද?

අපි නිසා නෙවෙයි. ජනාධිපතිතුමාට ගිහින් කියන්න. එයා කරපු වැඩේ නිසා තමයි මෙහෙම වුණේ. අපි නෙවෙයි වැරදි. කථානාකයකතුමා මේකට පළි නෑ.

පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවක් ඇති කරගෙන පාර්ලිමේන්තුව රැස්වීම තාවකාලිකව හරි නතර කර ගත්තේ මොකද?

විශාල මුදලක් වැය වෙනවා ජනතාවගේ බදු මුදල්?

එතකොට පාර්ලිමේන්තුව රැස්නොවී ඉන්නද කියන්නෙ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon