යසිත් නිපුන් තුර්කියේ ඔලිම්පියාඩ් චෙස් තරගාවලියට

  👤  2106 readers have read this article !
By mawbima 2018-11-20

මෙම මස 24 වැනිදා සිට තුර්කියේදී පැවැත්වෙන වයස අවුරුදු 16න් පහළ ලෝක ඔලිම්පියාඩ් චෙස් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ යසිත් නිපුන් පියුමන්ත සුදුසුකම් ලබා ඇත.

ශ්‍රී ලංකාවේ පළමු චෙස් ෆිඩේ මාස්ටර් වන යසිත් ආසියානු සහ ලෝක මට්ටමේ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ තිස් දෙවැනි වරට වීම කැපී පෙනෙන සිදුවීමක් වන අතර විදේශයන්හි පැවැති එවන් තරගාවලි 16ක් සඳහා ඔහු සහභාගි වී ඇත. එම තරගාවලිවලදී යසිත් ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් සහ රිදී පදක්කම් 5 බැගින් ද ලෝකඩ පදක්කම් 6ක් ද දිනා ගැනීමට සමත් වී ඇත.

2018 වසරේදීම පැවැති වයස අවුරුදු 20න් පහළ ලෝක චෙස් තරගාවලිය සඳහාද ශ්‍රී ලංකාව නියෝජනය කළ යසිත්, මේ වසරේදී පස් දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික චෙස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වශයෙන් ද තේරී පත් වූ අතර ඔහු පිට පිටම එහි නිත්‍ය සාමාජිකත්වය හිමි කරගත් තෙවැනි අවස්ථාවද මෙයයි. පළමුවරට ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තෝරා ගන්නා අවස්ථාවේ යසිත් 13 වැනි වියේ පසු වූ අතර එම කණ්ඩායමට තේරී පත් වූ ළාබාලම ක්‍රීඩකයා වශයෙන් ද ඔහු වාර්තා අතරට එක්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon