11න් පහළ සමස්ත ලංකා පාසල් බැඩ්මින්ටන් තරගාවලිය 29දා සිට

  👤  2096 readers have read this article !
By mawbima 2018-11-20

ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරනු ලබන අවුරුදු 11න් පහළ සමස්ත ලංකා පාසල් යුගල කණ්ඩායම් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය නොවැම්බර් මස 29දා සිට දින 3ක් පුරා කුරුණෑගල මලියදේව හා බෝයගනේ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාපිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය පසුගිය නොවැම්බර් 8දා සිට 11 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණද එම දිනවලදී පැවැත්වූ විභාග කටයුතු හේතුවෙන් මෙම තරගාවලිය පසුවට කල් දැමීමට පාසල් බැඩ්මින්ටන් බලධාරීන් තීරණය කර තිබිණි.

ඒ අනුව "ඒ", "බී", "සී", "ඩී" හා "ඊ" කාණ්ඩ වශයෙන් වෙන්කර ඇති මෙම තරගාවලිය පිළිබඳව සියලුම විස්තර ඹඹඹ. ඵතඵඡච.තඬ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon