ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය යුද හමුදාව පළමු ජය වාර්තා කරයි

  👤  2088 readers have read this article !
By mawbima 2018-11-20

ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන 2018/2019 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සති අන්තයේ තරගයකදී ගුවන් හමුදා කණ්ඩායමට එරෙහිව ලකුණු 29-21ක ජයක් වාර්තා කළ යුද හමුදා කණ්ඩායම මෙවර තරගාවලියේදී ඔවුන් අත්පත් කරගත් පළමු ජය සටහන් කිරීමට සමත් විය.

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් ගෝල දිනුම් තුනක්, උත්සාහක දිනුමක් හා එක් ඩේ‍රාප් ගෝලයක් වාර්තා වූ අතර ගුවන් හමුදා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ ගෝල දිනුම් තුනක් පමණි.

මේ අතර මහනුවර නිත්තවල ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා පොලිස්-මහනුවර ක්‍රීඩා සමාජ කණ්ඩායම් තරගයෙන් ලකුණු 32-23ක විශිෂ්ට ජයක් හිමි කරගන්නට මහනුවර ක්‍රීඩකයන්ට හැකි විය. එහිදී මහනුවර කණ්ඩායම වෙනුවෙන් ගෝල දිනුම් තුනක්, එක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහර දෙකක් වාර්තා වූ අතර එක් ගෝල දිනුමක්, උත්සාහක දිනුම් දෙකක් හා දඬුවම් පහර 2ක් සාර්ථක කරගන්නට පොලිස් ක්‍රීඩකයන් සමත් විය.

කෙසේ වෙතත් එම සති අන්තයේ මුල් තරග දෙකේදී නාවික හමුදා කණ්ඩායමට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ලකුණු 28-22ක් ලෙසත් සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 30-29ක් ලෙසත් ජයග්‍රහණ වාර්තා කර තිබිණි.

ඡායාරූපය-කැලුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon