පාකිස්තාන-නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 4කින් නවසීලන්තය ජය ගනී

  👤  2116 readers have read this article !
By mawbima 2018-11-20

ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිත ක්‍රීඩාවක් බව නැවත වරක් ඔප්පු කරමින් මුල සිටම ඉදිරියෙන් සිටි පාකිස්තාන පිල ලකුණු 4කින් පරාජයට පත්කළ නවසීලන්ත කණ්ඩායම තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙස මේ වනවිට ඉදිරියෙන් සිටීමට සමත්ව සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැති මෙම තරගයේ නවසීලන්තයෙන් එල්ල වූ ලකුණු 175ක ඉලක්කයක් පසුපස ගිය පාකිස්තානයට ඊයේ (19දා) සිවුවැනි දිනය අවසානයේදී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 171ක් පමණි.

තරගයේ පළමුව ලකුණු රැස්කළ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 153කට සීමා කළ පාකිස්තානය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 227ක් ලබාගත්තේය. දෙවැනි ඉනිම නවසීලන්ත කණ්ඩායම ලකුණු 249ක් ලබාගැනීම හේතුවෙන් පාකිස්තානයට ලකුණු 175ක ඉලක්කයක් එල්ල විය. ලකුණු 59කට කඩුලු 5ක් ලබාගත් අජාස් පටෙල් පාකිස්තානු දෙවැනි ඉනිම අසරණ කළ ප්‍රධානම පන්දු යවන්නා බවට පත්වූ අතර, මේ හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

කෙසේ වෙතත් නවසීලන්ත පළමු ඉනිම වෙනුවෙන් කේන් විලියම්සන් ලකුණු 83ක්ද, දෙවැනි ඉනිම වෙනුවෙන් හෙන්රි නිකොල් ලකුණු 55ක් හා බී.ජේ. වෙට්ලින් ලකුණු 59ක්ද ලබාගත් අතර, පාකිස්තාන පළමු ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 62ක්ද, ඔවුන්ගේ දෙවැනි ඉනිම වෙනුවෙන් අසාර් අලී ලකුණු 65ක්ද ලබාගෙන තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon