අධිකරණයේ තීන්දුව දෙනතුරු විපක්ෂය ඉවසාගෙන සිටිය යුතුයි

  👤  2235 readers have read this article !
By mawbima 2018-11-20

එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය යන පක්‍ෂවල සියලු දෙනා කලබල නොවී රට අරාජික නොකර එළැඹෙන 08දා නඩු තීන්දුව ලබාදෙන තෙක් ඉවසාගෙන සිටීම මුළු රටටම යහපතක් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත් කරද්දී බහුතරය තිබුණු මහින්ද රාජපක්‍ෂ මහතා එය ඉවසා දරාගෙන ජනාධිපතිවරයාගේ තීරණය ගරු කොට නිහඬව සිටියේ නම්, නඩු තීන්දුව එන තෙක් මොවුන්ද නිහඬව සිටිය යුතු බව ඔහු සඳහන් කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (19දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී හේමකුමාර නානායක්කාර මහතා මෙසේද පැවැසීය.

අගමැති පත් කිරීමේ බලය ව්‍යවස්ථාව අනුව සම්පූර්ණයෙන්ම ජනාධිපති සතු කාර්යයක්. ඊට එරෙහිව උසාවි යන්න පුළුවන්. ඇයි උසාවි යන්නේ නැත්තේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයයි, පොදුජන පෙරමුණයි ඇහුවාට පස්සේ තමයි එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනෙක් අය උසාවි ගියේ. දැන් 8 වැනිදා වෙනකම් අතුරු තහනම් නියෝගයක් දීලා තියෙන්නේ. අතුරු තහනම් නියෝගයක් දුන්නාට පස්සේ ඒ නඩුවේ තීන්දුව ලැබෙන තුරු පරණ තත්ත්වය ක්‍රියාත්මක කරගෙන යා යුතුයි. අගමැති හැටියට මහින්ද රාජපක්‍ෂ මහතා සහ අනෙකුත් අමාත්‍ය මණ්ඩලයත් ඒ විදියටම සිටිය යුතුයි.

මගේ දැනුමේ හැටියට ජනාධිපතිතුමා නිවැරැදි තීරණයක් අරගත්තේ. විශ්වාසභංගයක් ගෙන ඒමේ වරදක් නැහැ. නමුත් එහිදී ඡන්දය විමසීමේ ක්‍රමයක් තියෙනවා. ශබ්දය අනුව ඡන්දය විමසීම මොන රටකවත් වෙලා නැහැ.
කථානායක ලොකු පීඩනයකට අසුවෙලා ඉන්න බව පේනවා. නමුත් පීඩන අනුව තීරණ ගන්න බැහැ. කථානායකට බලපෑමක් තිබුණා නම් කළ යුත්තේ ඉල්ලා අස්වෙන එක.
දෙසැම්බර් 08 නඩුව ගත්තාට පස්සේ එතැනින් එහාට නඩු තීන්දුව මත කටයුතු කරන්න කියලා අපි කියනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්‍ෂ ගැන බඩේ බඩවැල් කටින් ‍ෙදාට්ට පනින තරමේ ජුගුප්සාවක
් ඇතිවෙලා තිබෙනවා. සංයමය කියන දේ තිබිය යුතුයි. මහජනතාවගේ ජන ජීවිතය අවුල් නොකර ජාත්‍යන්තරය ඉදිරියේ දණින් වැටිලා නිහීන ක්‍රියාවලට යොමු වෙන්නේ නැතිව කටයුතු කරන්න කියලා අපි අවධාරණය කරනවා.
අපේ සහෝදර රාජ්‍ය ඉන්දියාව මේ ගැන මොකුත් කතා කරන්නේ නැහැ. චීනය මේ ගැන කතා කරන්නේ නැහැ. ඔවුන් කියන්නේ මේක අපේ රටේ අභ්‍යන්තර ගැටලුවක්, මේක අභ්‍යන්තරව විස¼දාගත යුතු ප්‍රශ්නයක් කියලා.
නමුත් කිසියම් හුරතලෙක් රටක නායකයා හැටියට පත් කරගෙන මේ රට කෙළිබිමක් කරගන්න ලෑස්ති වෙන ඇතැම් රටවල් දැන් කම්පනයට පත්වෙලා මේ ගැන.

හැම රටකටම ස්වෛරීභාවයක් ස්වාධීනත්වයක් තිබෙනවා. අපේ අභ්‍යන්තර කටයුතුවලට අත තියන තානාපතිවරුන් ඉන්නවා නම් ඔවුන් විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කැඳවලා ඔවුන්ට නිවැරැදි උපදෙස් ලබා දීම අනිවාර්යයෙන් කළ යුතුයි. මම විදේශ ඇමැති විදියට හිටියා නම් ඒ කාර්යය කරලා ඉන් එහාටත් ගිහිල්ලා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති කාලේ බි්‍රතාන්‍ය තානාපතිවරයෙක් හිටියා ඩේවිඩ් ග්ලැඩ්සන් කියලා.

ඔහු දකුණු පළාතේ සංචාරය කරලා මැතිවරණ දිනයකදී හොර ඡන්ද දැම්මා කියලා දරුණු ප්‍රකාශයක් කළා. ප්‍රේමදාස ජනාධිපතිතුමා වහාම ග්ලැඩ්සන්ව විදේශ කටයුතු අමාත්‍යවරයා හරහා කැඳවලා දෝෂාරෝපණයට ලක් කරලා රටින් පිටකළා. රටේ අභ්‍යන්තර මැතිවරණ කටයුතුවලට ඇඟිලි ගැසීම තමයි ඔහුට එල්ල කළ චෝදනාව.

උදයන්ති මුණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon